කරන්නාගොඩට ගුණතිලකට ගෞරව තනතුරු
හිටපු නාවික හමුදාපති විශ්රාමික අද්මිරාල් වසන්ත කරන්නාගො මහතා සහ හිටපු ගුවන් හමුදාපති විශ්රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ගෞරවනීය නිලයකින් පිදුම් ලබා තිබේ.
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් මෙම ගෞරවනිය නිලයන් පිරිනමා ඇති බව සඳහන් වෙයි.
හිටපු නාවික හමුදාපති විශ්රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් ලෙස හා හිටපු ගුවන් හමුදාපති විශ්රාමික එයර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතා මාෂල් ඔෆ් ද එයාර් ෆොස් යන ගෞරවනීය නිලයන්ගෙන් පිදුම් ලබා තිබේ.
යුද්ධය පැවැති වකවානුවේදී ඔවුහු පිළිවෙළින් නාවික හා ගුවන් හමුදාපති තනතුරු ඉසලූහ. යුද්ධය පැවැති සමයේ යුද හමුදාපති වූ සරත් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාෂල් තනතුරක් මීට පෙර පිරිනැමීය.

popular news
-
Lion Wednesday, 07 August 2019 10:22 AM
Mohu kala samahara දේවල් අනුව මෙය Mohu TA සුදුසුද
Reply : 0 1
shan Wednesday, 07 August 2019 11:24 AM
එය හොද ක්රියාවක් මේ ක්රියාන්විතය තනිවම කල දෙයක් නොවේ එසේම ඒ ක්රියාන්විතයෙන් අබදිත වූ සේම අසරණ වූ පවුල් සියල්ලගේම අනාගත අභිවුර්දිය ඇතිකිරීමටද අවුන් ගැන සොයා බල අවැසි උපකාර ලබා දීමටද ජනපතිවරයා ක්රියා කල යුතුය තම සිතැගි ඉටුකර ගැනීම සදහා පමණක් ක්රියා කිරීම උගත් හා විනයානු කුල නායකයෙකුගේ ක්රියා කලාපය නොවේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

