ක්‍රීඩා ඇමති ICC නිලධාරීන් හමුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් අතුරුකමිටු පරිපාලනය පිළිබඳව හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඡන්දයෙන් නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් දැනුවත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප්රමුඛ පිරිසක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යෑමට නියමිතය.
අමාත්‍යවරයාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා වන කමල් පද්මසිරි, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලිද සිල්වා ඇතුළු පිරිසක් මෙසේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරින් හමුවීමට නියමිතය.
අගෝස්තු 29 වැනිදා පැවැත්වෙන මෙම හමුවේදී ශ්‍රි ලංකා නියෝජිත පිරිස අයි.සී.සී. සභාපති ශාසන්ක් මනෝහර් හා එහි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

