ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක කුලී රථ 04ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක රථ 04ක් කුලී පදනම මත ගැනීමට ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් පැමිණ ඇතැයි එහි සාමාජිකයෙක් 'අද' පුවත්පතට පවසා සිටියේය.
ක්‍රිකට් විධායක කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මහතා කළ ඉල්ලීමක් අනුව ප්‍රධාන විධායක නිලධාරීවරයා විසිනි.
ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයන්ට වැඩි ආරක්ෂාවක් ලබාදීම සඳහා ඉදිරියේදී මෙම විශේෂ ආරක්ෂක කුලී රථ 04 ලබාගැනීමට නියමිතය.
මේ වනවිට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත්තේ විශේෂ ආරක්ෂක කුලී රථ 04 ලබාගැනීම සඳහා අවශ්‍ය මූලික ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමටය.
ඒ අනුව විශේෂ ආරක්ෂක කුලී රථ 04ක් සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුව මිල ගණන් කැඳවීමට මේ වනවිට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයිද ක්‍රිකට් විධායක කමිටු නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
-
samson de silva Monday, 23 December 2019 09:06 AM
ජනාදිපතිතුමගේ ආරක්ෂාව අඩු කරලා ක්‍රිකෙට් කණ්ඩායමේ ආරක්ෂාව වැඩි කරනවා.මොකද? අනික් රටවල ක්‍රිකෙට් කණ්ඩායම් අපේ කණ්ඩායමත් සමග මැච් ගහන්න භය නිසා මොකක් හරි අනතුරක් කරයි කියලා භයද?
Reply : 0 13
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

