එයාබස් සමාගම හා සිදුවූ බව කියන දූෂිත ගණුදෙනුවකට අදාළව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ දින දෙකක් ගතවී ඇතත් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
නීතිපතිවරයා පසුගිය 03දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග කළේ ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී හා ඔහුගේ බිරිඳ වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙසයි.
පසුව රහස් පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුව අත්අඩංගුවට ගැනිම සඳහා වරෙන්තුවක් එදිනම ලබාගත්තේය. කෙසේ වෙතත් අද (05දා) තෙක්ම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
සැකකරුවන්ට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර අති අතර ඔවුන් දෙදෙනාගේ බැංකු ගිණුම් පිළිබඳවද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
එයාබස් සමාගමෙන් ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගත් බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී තබේ.
