කන්දෙවිහාරයේ කුමාරී හස්තියා පහරදීමෙන් අහුන්ගල්ලේ සංචාරක මග පෙන්වන්නාගේ මිය යාමේ සිද්ධ්ය සම්බන්ධයෙන් කුමාරි හස්තියාගේ පාලකයන් දෙදෙනා ඊයේ(26) පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.
මේ හස්තියා පහරදීමෙන් ඊයේ (26) මිය ගොස් තිබුණේ අහුන්ගල්ල මිද්දරමුල්ල පදිංචි පේයාහන්දි ප්රියශාන් ජයලත් ද සිල්වා නමැති 34 හැවිරිදි අවිවාහක අයෙකි.
අත්අඩංගුවට ගැනුනු සැකකාර හස්ති පාලකයන් දෙදෙනා වයස අවුරුදු 60ක් සහ 62ක් වයසේ පසුවන අය බවද පොලීසිය කියයි. සැකකරුවන් දෙදෙනා අද (27) කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.