කන්කසන්තුරේට පරිසර හිතකාමී කර්මාන්ත කලාපයක්
කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටි ඉඩම උපයෝගී කරගෙන කුඩා ව්‍යවසායකයන් සඳහා පරිසර හිතකාමී කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබේ.
මේ වන විට නිෂ්පාදන කටයුතු සඳහා භාවිත නොකරන කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ භූමියෙන් අක්කර 330ක භූමි ප්‍රමාණය තුළ මෙම කර්මාන්තපුරය පිහිටුවීමට නියමිතය.
එහි පළමු අදියර යටතේ 2019 වර්ෂය තුළ අක්කර 100ක් සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව අදාළ යටිතල පහසුකම් සංවර්ධනය හා කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සුදුසු ආයෝජිකයන් තෝරා ගැනීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
popular news
-
rocky Wednesday, 19 September 2018 06:25 PM
සිමෙන්ති කර්මාන්ත ශාලාවේ තිබුන යන්ත්‍ර සුත්‍ර සියල්ලම පහුගිය ආණ්ඩුව කාලේ කවුදෝ රණවිරුවෝ වගයක් විකුණා ගත්තා කියනවා නේද? ඇයි, ඒවා ගැන හොයන්නේ නැත්තේ? ඒ වන විටත් යහපත් තත්වයෙන් තිබුන ඒ යන්ත්‍ර අද තිබුනා නම් ..නිෂ්පාදන වැඩ පටන් ගන්නත් තිබුන. එල්.ටී.ටී.ඊ. කාරයෝවත් නොකරපු පරවාදී වැඩ මවුබිමට පන දෙන්න කතාකරන අපේම උන්නැහේල කෙරුවා!
Reply : 1 0
Champa Wednesday, 19 September 2018 06:44 PM
අනිවාර්යයෙන්ම මේකත් කරන්නේ ඉන්දියන්කාරයෝ accommodate කරන්න. ඉන්දියාව එක්ක අත්සන් කරන ඔක්කොම අවබෝධතා ගිවිසුම් හදන්නේ ඉන්දියාවට වාසි විදිහට. සිංහලයිනි අවදිවව්!!!!! මක්කරනවද මේවාට විරුද්ධව කතා නොකර? කිර කිර හිටපල්ලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

