කථානායක පාර්ලිමේන්තුව විහිලුවක් නොකරයි කියලා හිතනවා
තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට හිමිවිය යුතු බවත් පාර්ලිමේන්තුවේ පසුගිය වසර 20ක පමණ කාලයේදී සිදුවී ඇත්තේද එය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයෙදි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩුවට ලබාදීම කථානායකවරුන්ගේ මූලධර්මයයි. 2004දීත්, 2015 ජනවාරි 9 වැනිදාත් මේ ආකාරයට ආණ්ඩු පක්ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය ලබාදුන්නා.
ඒ අනුව අපේ නියෝජිතයන් හත් දෙනෙක් නම් කර තිබෙනවා. ගරු කථානායකතුමා මේ පාර්ලිමේන්තුව තවදුරටත් විහිලුවට පත්නොකර තමන්ගේ පූර්වගාමීන් දෙදෙනා අනුගමනය කරමින් කටයුතු කරයි කියලා මම හිතනවා”
popular news
-
dayan Thursday, 22 November 2018 12:54 PM
දැන් ආණ්ඩුවක් නැහැ. පක්ස වලට තිබෙන බහුතරය අනුව සාමාජිකයින් පත්කිරීම කතානායක තුමාගේ යුතුකමයි.
Reply : 1 2
sameera Thursday, 22 November 2018 01:05 PM
ඔහෙලා තමයි විහිළුවක් කරගෙන තියෙන්නේ.
Reply : 1 2
rocky Thursday, 22 November 2018 01:12 PM
විහිළු කරන්නේ ඔහෙලා මිස කතානායක තුමා නෙවෙයි. බලාගන. ඇස් රතු වෙයි!
Reply : 1 2
Champa Thursday, 22 November 2018 04:19 PM
Thank you කතාවට. ප්‍රශ්නේ විසඳන්න හොඳම විදිහ. පූර්වගාමීන් අනුගමනය කිරීම. කථානායකතුමා පූර්වගාමීන් දෙදෙනාව තමා අනුගමනය කරන්න හදන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ දැනට පෙන්නලා තියෙන බහුතරය අනුව ක්‍රියා කිරීම. ජනාධිපතිවරයා නොපෙන්නු බහුතරය අනුව ක්‍රියා කිරීමට කථානායක බැඳිලා නැහැ. ඔහොම මීට කලින් point එකට කතා කෙරුව නම් මේ ප්‍රශ්නේ මෙලහට විසඳිලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

