කථානායක නිසා ජනපතිගේ ආණ්ඩුව අකර්මන්‍ය වෙලා
කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලය අභියෝගයට ලක්කිරීමට යෑම හේතුවෙන් ජනාධිපතිවරයා පත්කළ ආණ්ඩුව අකර්මන්‍ය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතලවලට අභියෝග කිරීමට කථානායකවරයාට අයිතියක් නොමැති බවත්, ඔහු එසේ කිරීමෙන් අභියෝග කරන්නේ ව්‍යවස්ථාවට බවත් හෙතෙම මෙහිදී පවසා සිටියේය.
කථානායකවරයාගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණය හෙළි වූ බවත්, මීට අමතරව ඔහු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයෙකු ලෙස වැඩකරන බවට තහවුරු වූ බවත් අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එච්.අයි.තුෂාර

popular news
-
Kumar Wednesday, 12 December 2018 10:28 PM
ඇත්තටම මෙවැනි මුදලට අයුක්තියට හිස නොනවන කතානායක තුමෙක් ඉන්න එක ගැන අපි ආඩම්බර වෙන්න ඕන. අපේ ලංකාවේ ඒ වැනි අය හිඟ වේගන එන බවයි පෙනෙන්නෙ.
Reply : 0 3
rocky Thursday, 13 December 2018 07:32 AM
තමන්ගේ වරද අනුන්ට පැටවීම වාසු වගේ වාචාල පිස්සු මිනිසුන්ගේ ජාති ගතියක්. පිස්සුවයි කුහක කමයි තදවෙලා, දැන් දොඩවනවා, ව්‍යවස්ථාව කියන්නේ ජනාධිපති ලු! ජනාධිපති කියන්නේ ව්යවස්තාවනම් යකෝ ඔය දෙකෙන් එකක් ඕන නැහැනේ. එක්කෝ ජනාධිපති .. නැත් නම් ව්‍යවස්ථාව! එහෙමනම් ජනාධිපති අපට එපා, වාසුවෝ! අපට ව්‍යවස්ථාව විතරක් තිබුනම ඇති !
Reply : 0 2
sirisena Thursday, 13 December 2018 09:56 AM
මේ මනුස්සයාගේ මොලේ කොලොප්පන්.
Reply : 11 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
