කථානායකවරයා දැන් ජිවත් වන්නේ සිහින ලෝකයක - සේහාන් සේමසිංහ
රනිල් වික්‍රමසිංහ මහත්තයා කරු ජයසුරිය මහත්තයාට දුන්න පොරොන්දුව ඉස මුදුනින් පිළි අරගෙන රටත් ජනතාවත් අරාජික තත්වයට පත්කරනවා යැයි අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි සේහාන් සේමසිංහ මහතා පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කළේ අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා
මේවන විට ව්යස්ථාදායකයයි, විධායකයයි අතර අර්බුදයක් නිර්මාණය කරන්න කරූ ජයසුරිය මහත්තයා කටයුතු කරනවා.මේ විදිහට එතුමා ආරවුලක් ඇති කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාට කියලා තියෙන්නේ ඊළගට ජනාධිපති වරණයේදි පොදු අපෙක්ෂකයා කරනවා කියලා. එහෙමත් නැත්නම් අගමැතිකරනවා කියලා. දැන් කරු ජයසුරිය මැතිතුමා ඒ සිහිනලෝකයේ අතර මං වෙලා. කරනකියන දේවල් මතක නැහැ. එතුමා කොහොම හරි බලන්නේ මේ රට අරාජික කරන්න.
ජයසූරිය මහත්තයා සිහින ලෝකේක හිටියට ප්‍රශ්නයක් නැහැ.එතුමා සිහින ලෝකේ ඉදලා වුනත් එයාගේ සිහිනය යථාර්ථයක් කරගත්තට අපි තරහත් නැහැ. ප්රශ්නය තියෙන්නේ රටයි ජනතාවයි අරාජික කරන එකේ.මෙතුමා සෑහෙන කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කලා.සුළුතර ආණ්ඩුවල වගේම බහුතර ආණ්ඩු තිබුණ කාලේත් එතුමා හිටියා. ඒවගේම එතුමා විවිධ කථානායකවරු වැඩ කරන ආකාරය දැකලත් තියෙනවා.ඒකරලා වත් එතුමා ඉගෙන නැහැ කථානායකවරයාගේ භූමිකාව මොකක්ද කියන එක.
රාජාංගනයේ-නුවන් කුමාර

popular news
-
mahinda Monday, 26 November 2018 08:21 PM
කරු කෙසේ වෙතත් ඔබ තුමා නම් ඉගෙන ගෙන නැති බව පේනවා.
Reply : 0 0
chathuri Monday, 26 November 2018 08:22 PM
ඔබ. කියන. විදියේ. තනතුරු. ඒවා. බොරු කතා. රනිල්ගේ. පක්ෂය. ඇතුලේ. වෙන. දේවල්. එලියට එන්නේ. නැහැ සන්දානයේ කට්ටියට. මේක. ලොකු. හිස. රදයක් කරු. නෙමේ සිහින. ලෝකේ. ඉන්නේ සනදනේ. කට්ටිය. සිහින කුට්ටි. වල. පාවෙනවා ඇමතික ගන්න. ලගදීම මයිත්රිට මන්ත්‍රී. පට්ටමක් ගන්න සන්දානෙට එකතු. වෙන්න. වෙනවා. එදාට. බලමු. කට්ටිය සලකන. හැටි. මයිත්රිට විමල්. හරිම. කැත විදියට. මයිත්රිට බැනල. ඕකා ලජ්ජා. නැතිව. ගියානේ ඇමති. පට්ටම. ගන්න දැන්. කථා කරන්නේ. අති ගරු. කියල. විමල් පස්වෙනි පන්තියට. විතරනේ. පාසල්. ගියේ. එහෙම කෙනෙක්ව තමයි. රටේ. ඉන්න. හිටපු. ජනපතිලා. ලගින්ම. ආශ්‍රය. කරන්නේ ඉතින්. අපේ රටට. දෙවියන්ගේම. පිහිටයි.
Reply : 0 0
Don Monday, 26 November 2018 08:29 PM
මෛත්‍රීපාල රනිල්ට අකමැති නිසා මහින්දව පත්කරගත්ත කරුටත් අකමැතිනම් ජනාධිපති බලතල දාල එයාව අයින්කරලා අර තඩියා පත්කරන්නේ නැත්තේ ඇයි?
Reply : 0 0
rocky Monday, 26 November 2018 08:40 PM
කතානායකවරයා නොවෙයි, ඔහෙලා ජීවත් වෙන්නේ හීන ලෝකෙක!ළඟදීම නින්දෙන් ඇහැරේවි. එතකොට තේරේවි, කෙළවුණ වග!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

