කතානායක යෝජනාවක් සම්මත වූ බව පැවැසූ විට එය ප්‍රශ්ණ කරන්න බෑ
“පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කථානායකවරයා යෝජනාවක් සම්මත වූ බවට සහතික කළාට පස්සේ එම යෝජනාව ගැන ප්‍රශ්ණ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයටත්, ගරු ජනාධිපතිතුමාටත් බෑ.” යැයි අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ලක්ෂ්මන් කිරිඇල් මහතා සඳහන් කළේය.
කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ කැබිනට් මණ්ඩලය දැන් විසුරුවාහැරලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලය හා අගමැතිවරයා අහෝසිවුණාට පස්සේ අමාත්‍යාංශ ලේකම්වරු අහෝසිවෙනවා. ජනපතිතුමා බහුතරය නැති කෙනෙක් අගමැති කරපු නිසා තමයි මේ වගේ තත්ත්වයක් ඇතිවුණේ.
ඊනියා ආණ්ඩුවට තවමත් පාර්ලිමේන්තුවට පනතක්වත් ගේන්න බැරිවෙලා තිබෙනවා. ඒ අයට ඉන්නේ 85. අපි එතුමා (ජනපති) සමග අමනාපයක් නෑ. එතුමාට වැරදි නීති උපදෙස් ලැබී තිබෙනවා. දෙගොල්ලම කඹේ ඇඳගෙන ඉන්නේ. අත්හැරපු අය පරාදයි. අපි මැතිවරණවලට බය නෑ. නමුත් මැතිවරණ තියන්න ඕන නීත්‍යානුකූල ආණ්ඩුවක් යටතේ.
අපි තමයි එතුමා ජනපති කළේ. එතුමාට රනිල් වික්‍රමසිංහ මහතා සමග ප්‍රශ්ණයක් තිබෙනවානම් අපිට කියන්න තිබුණා. අපිට එහෙම කිව්වෙ නෑ.”
popular news
-
chathuri Wednesday, 21 November 2018 03:25 PM
මයිත්‍රී. සමග. නැවත. රට පාලනය කිරීමට ඉඩ නොතබන්න මුව. හොඳ. ගම්වල. පොර කුකුල්ලු. කොටවන්න. මිසක්. රටක් පාලනය කිරීමට නොවේ , මොහුට. අනුකම්පා. නොකරන්න. කිසිම කෙනෙක්. එයාට වැරදි. නීති. කියල. දුන්නේ. නැහැ. , මෙයා කිව්වනේ මෙයාගේ. තුරුම්පු වලින් එකක්. කියල මේක. , දැන්. බයවෙලා. ඉන්නේ ගෙදර ගියොත්. අඩි හය. ෂුවර්. කියල , දැන් මන්ත්‍රීන්ට කියනවා. හොඳ ළමයි. වගේ. හැසිරෙන්න කියාලා. , දැන් බය වෙලා. ඉන්නේ , රනිල්ව ම ඉදිරිපත්. කරන්න. ,මෙයට. කෙහෙල් කොළෙත්. අරන්. එලියට. බහින්න පුදුමයි ගෑනියි දාලා ගියේ. නැති. එක , ඒක. මුට හපන් ඇති දුවට. තව පොතක් ලියන්න පුළුවන්. අපි හෙළුවෙන් කියාලා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

