කතානායකතුමා හැසිරෙන්නේ බබෙක් වගේ
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා හැසිරෙන්නේ කුඩා දරුවෙක් ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවැසීය.
එසේම කථානායකවරයා ඊළග ජනාධිපති අපේක්ෂකයා කියන ‘කැරට් අලය’ කතානායකවරයාට ලැබී ඇති හෙයින් ඔහු එවැනි අකාරයට හැසිරෙන බවත් ඔහු සඳහන් කළේය.
අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙනත් තියෙන මේ වෙලාවේ කතානායකතුමා හැසිරෙන්නේ බබෙක් වගේ. ඒ වුණාට අපේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාව අවස්ථාවේ විනාඩි කිහිපයකින් ඒ සම්බන්ධයෙන් තීරණ අරන් හඬ අනුව තීන්දු දුන්නා.
නමුත් අද විශ්වාසභංගය ගෙනාපු වෙලාවේ කියන්නේ මට තින්දුවක් ගන්න ක්‍රමයක් නැහැ. පක්ෂ නායකයින් එකතු වෙලා තින්දුවක් ගන්න. සභානායක තින්දුවක් ගන්න. වගේ දේවල් කියනවා.
එදා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා න්‍යාය පුස්තකයේ විශ්වාසභංගයක් නැහැ කියද්දිත්, මිනි මැරෙයි කියන වෙලාවේ කතානායකතුමා කිව්වේ “මිනියක් නෙවෙයි.මිනි දහයක් මැරුනත් මම මේ විශ්වාසභංගය ගන්නවා ” කිව්වා.
මේ දෙබිඩි පිළිවෙතින් අද පැහැදිලිවම පේනවා කතානායකවරයා හැසිරෙන්නේ එජාපයේ අවශ්‍යතාවය අනුව බව. ඊළග ජනාධිපති අපේක්ෂකයා කියන කැරට් අලය ඔහුට ලැබිලා තියෙන නිසයි මේ විදියට හැසිරෙන්නේ. එජාපය කාලෙන් කාලයට ජනාධිපතිවරණ අපේක්ෂකවරු ඉදිරිපත් කරනවා. හරියට ගණිකාවකගේ පතිවත වගේ තමයි. එක් වරෙක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වනවා. කරූ ජයසූරිය කියනවා.කුමාර සංගක්කාර කියනවා. දැන් අලුත්ම කෙනා ධම්මික පෙරේරා.”

popular news
-
Dayan Friday, 24 May 2019 04:47 PM
මෙයා පිස්සු දොඩවනවා.
Reply : 0 10
Nndana Friday, 24 May 2019 09:23 PM
වැදගත් පව්ලක එකෙක් බව නොපෙනේ , නිකන් කසිප්පු කාරයෙක් වගේ කොහොම උනත් අපි බදුර්දීන් ට කැමති නැහැ .
Reply : 8 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

