කතානායකගේ ලිපියට ජනපති පිළිතරු යවයි
අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාට එරෙහි විශ්වාසභගංය යෝජනාව සම්මත කිරිමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදායන් බිඳ දැමීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුතු කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කතානායක කරු ජයසූරය මහතාට යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි. කාතානායක කරු ජයසූරිය මහතා ඊයේ ජනපතිවරායට යොමුකළ ලිපියට පිළිතුරු ලිපිය ඊයේ රාත්රියේදී ජනපතිවරයා විසින් කතානායකවරයාට යෙමු කළේය.
එසේම පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීථිය ඉදිරියේ විනිශ්චයට භාජනය වී ඇති අවස්ථාවකදී කතානායකවරයා ගත් ක්‍රියාමාර්ගය එම නඩුවේ හරයට අගතිදායක බවත් ජපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි.
එසේම පාර්ලිමේන්තුවේ නිසි ලෙස තහවුරු නොකළ අත්සන් ලේඛණයක් තමන් වෙත යොමුකරමින් අදාළ යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට ගත් ක්‍රියාමාරගය ගැන කනගාටුව ප්‍රකාශ කරන බවත් එම ලිපියේ දැක්වෙයි.



popular news
-
Champa Thursday, 15 November 2018 08:12 AM
මේ ලියුම කතානායකතුමාට කරන අනිසි බලපෑමක්. හිටපු ජනාධිපතිතුමාවත් මේ වගේ කලේ නැහැ කවදාවත්. මේක තියෙනව Colombo Telegraph එකේ. මම ඒකේ කතානායකතුමාගේ උත්තරේ draft කරලා දුන්න. ඒක බලන්න කතානායකතුමා. මම හිටපු ජනාධිපතිතුමාට සහයෝගය දෙනවා. හැබැයි මේ ජනාධිපතිතුමා කරන වැඩේට සම්පූර්නයෙන්ම විරුද්ධයි. පුදුමත් හිතෙනවා මේ විදිහට බලය යුතු ලෙස පාවිච්චි කරන හැටි දැක්කහම. ජනාධිපතිට බැහැ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වයට බාධා කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයටත් බලපෑම් කළා කියලා මිනිස්සු කියනවා. කොහොමද එනකොට ආවේ නේද මහින්දගේ වැරදි කියාගෙන 2015. අද මහින්දවත් කරපු නැති දේවල් කරනවා.
Reply : 0 0
lion Thursday, 15 November 2018 10:20 AM
අපේ කරුමයට අපි මතින්ම ඔය පුටවට ආ මේ අවාසනාවන්ත පුද්ගලයා අද මේ රට විනාසය කර ඇදගෙන යි. මේ මිනිසා මේ විනාස කරන ප්රජාතන්ත්ර වාදය අප එක්වී නැවත විය uthuya . අපට පක්ෂ පාට මුලික nove .අවශ්‍ය නිදහස් මිනුසුන්සේ මෙරට තුල jewathwemataya .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

