රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩී.පී. කුමාරගේ මහතාගේ තනතුර තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ ඔහුට එල්ල වී ඇති චෝදනා හේතුවෙනි. මහනුවර ව්‍යාපාරිකයෙක් වෙන ඔහු කතරගම දේවාලයේ 11 වැනි බස්නායක නිලමේ විය. පසුගිය වසරේදී ඔහු තනතුරට පත්විය.වැඩබලන බස්නායක නිලමේ ලෙස දිල්රුවන් රාජපක්ෂ මහතා පත්කර ඇත.