කඩා වැටුණු මේ රට ගොඩනැගිමේ එකම මඟ අවංක ආණ්ඩුවක් බිහි කිරිමයි - ජනපති
සමස්ත ආර්ථික දේහයම කඩා වැටුණු සහ දේශපාලන දේහය අපිරිසුදු වූ සහ පිළිකුල්සහගත වූ මේ රට ගොඩනැඟිමට ඇති එකම මඟ අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් තෝරා පත් කර ගැනීම බවත් එම වගකීම රටේ ජනතාවට හිමි වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
නුවරඑළියේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව දිස්ති‍්‍රක් රෝහල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටට ආදරය කරන අවංක දේශපාලනඥයන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න හඳුනාගනිමින් ඒවාට විසඳුම් ලබාදීමට කැප වන බවයි.
එමෙන්ම සංවර්ධනයේ යෝධ රෙජිමේන්තුව වන ලක්ෂ 16ක් වූ රාජ්‍ය සේවයකයන් සහ මේ රටේ උගතුන් සහ පරිණතයන් සිය කාර්යයන් නිසි ලෙස ඉටුකරන්නේ නම් සංවර්ධනය අභියෝගයක් නොවන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
රටක් විනාශ කිරීමට ඇති පහසුම මග නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ දේශපාලන පක්ෂවල සහ එක් එක් දේශපාලනඥයන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර හේතුවෙන් රටට යහපත් වූ කාර්යයන් සඳහා කොපමණ වෙහෙස වුවද ඉන් ප්‍රයෝජන ලබා ගැනීම අපහසු වී ඇති බවයි.
එබැවින් රටට යහපත් වූ සෑම කාර්යයකදීම දේශපාලනඥයන් පටු න්‍යාය පත්‍රවලින් බැහැරව අවංකව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
නෙදර්ලන්ත සහන ණය ආධාර යටතේ රුපියල් බිලියන 07ක් වැය කරමින් ඉදිකර ඇති මෙම රෝහල ඇදන් 600 කින් සමන්විත වාට්ටු සංකීර්ණයකින්, නවීන තාක්ෂණයෙන් යුත් ශෛල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, බාහිර රෝගී සත්කාර ඒකක, ඖෂධාගාර, රුධිර පාරවිලන මධ්‍යස්ථාන මෙන්ම වෛද්‍ය, හෙද නිල නිවාසවලින් සමන්විතව අංග සම්පූර්ණ රෝහලක් ලෙස ඉදිකර තිබේ.
මෙහි ඉදිකිරීම් 2012 වර්ෂයේ දී ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කෙරුණු අතර නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සුරක්ෂිත ඵලදායී සෞඛ්‍ය සේවාවක් සැපයීම ද අපේක්ෂා කෙරේ.
රෝහල සඳහා ඇතුළත් කෙරුණු පළමු රෝගීන් තිදෙනා ලියාපදිංචි කිරීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
අමාත්‍ය රාජිත සේනාරත්න, නවීන් දිසානායක යන මහත්වරුන් ප්රමුඛ පළාතේ මැති ඇමතිවරු පිරිසක් ද, ආණ්ඩුකාර මෛතී‍්‍ර ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන් සහ නෙදර්ලන්ත රජයේ සම්භාවනීය ආරාධිත පිරිසක් ද, නුවරඑළිය මහ රෝහලේ අධ්යක්ෂ මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි

popular news
-
sumathi gonadeniya Monday, 15 July 2019 06:10 PM
ඔයා නැතිව මීලගට පිහිටුවන කුමන ආණ්ඩුවක් වුවද ඉතා අවංකයි.
Reply : 0 0
Champa Tuesday, 16 July 2019 04:49 AM
මේ කියන කතාවේ ඇති වැඩක් නැහැ. අලුත් ආණ්ඩුවකට ඉස්සෙල්ල මිනිස්සු අලුත් ජනාධිපති කෙනෙක් පත් කරන්න නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. ඒක් නෙමෙයි මේ ප්‍රවෘත්තියේ තියෙන රෝහල ගැන මම බැලුවේ. ණය ගන්නවා කියල පුදුම ණය ගැනිල්ලක් ගන්නේ. දැන් මේ ණය අරන් හදපු දෙවෙනි ඉස්පිරිතාලේ. විදේශ ආණ්ඩු වලින් ණය ගන්නවා, විදේශ ආයතන වලින් ණය ගන්නවා, ලෝක බැංකුවෙන් ණය ගන්නවා, IMF එකෙන් ණය ගන්නවා, මොකක්ද අර ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ගන්නවා, ඒ මදිවට විදේශ රටවල් තියෙන පෞද්ගලික බැංකු වලිනුත් ණය ගන්නවා. මේ ගන්න සල්ලි වලට වෙන්නේ මොකක්ද කියල කවුරුවත් දන්නේ නැහැ. ජනාධිපති ණය ගන්නව අගමැති ණය ගන්නවා ඇමතිවරු ණය ගන්නවා නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු නගරාධිපතිවරු මේ සියල්ලෝම රට විකුණලා ණය ගන්නව. ඒ මොකොද මේ හැම ණය ගැනිමකටම කොමිස් එකක් හම්බ වෙනවා. අනාගතේ දාන්න වෙයි කොමිස් අධිකරණය කියල විශේෂ අධිකරණයක් මේ ගැන හොයන්න.
Reply : 0 0
Dayan Tuesday, 16 July 2019 06:44 AM
සහ නව ජනාධිපති කෙනෙක් පත් කර ගැනීමය්
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

