කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මගින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත කල ඉල්ලිමකට අනුව එම දේවස්ථානයේ ඉරු දින දහම් පාසල වෙත මල්ටිමීඩියා යන්ත්‍රයක්, ශබ්ද විකාශන පද්ධතියක් හා ඉරුදින දහම් පාසල් දරුවන් වෙනුවෙන් කිරි පැකට් ප්රදානය කිරිමක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප්රභාවී ඩයස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (30) සිදු කරන ලදී.
මෙම ප්‍රදානයන් කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන හා කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන පි්රයන්වදා චන්ද්‍රසේකර යන මහත්ම මහත්මීන්ගේ සම්බන්ධීකරණය යටතේ සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්යමණ්ඩලයේ පිරිසක්ද සහභාගි වුහ.
