කටුනායක සිට වේයන්ගොඩට නව දුම්රිය මාර්ගයක්
සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් කටුනායක ගුවන්තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
එමඟින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන විදෙස් සංචාරයින්ට මෙන්ම දේශීය මගීන්ට කොළඹ නොගොස් දුම්රියෙන්ම වේයන්ගොඩ හරහා නුවර, බදුල්ල, යාපනය, ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවලට ගමන් කිරීමේ හැකියාව උදාවනු ඇතැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ එම කටුනායක - වේයන්ගොඩ නව දුම්රිය මාර්ගය ඉදි කිරීමට සඳහා ඇති හැකියාව මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය මූලික කටයුතු සොයා බලමින් සිටින බවයි.

popular news
-
Kumar Tuesday, 03 September 2019 09:51 PM
රණතුංග මහත්මයෝ දැන් තිබෙන මාර්ගය උපයෝගී කරගනිමින් මෙම කරණය ඉටුකරගත හැකිබව කවුරුවත් කිව්වේ නැද්ද. කටුනායකින් රාගමට පැමිණ එතනින් අනෙක් දිසාවලට එම දුම්රිය ලබන මාසයේ සිට ධාවනය කලහැක. එම ආකාරයටම උඩරට මැණිකේ දුම්රිය බදුල්ලේ සිට මහනුවරට පැමිණ නැවත කොළඹ දිසවවට ගමන් කරන්නෙ මම කියන ක්‍රමයට අධික වියදමක් වැය වෙන එකක් නැත. නැතිනම් අක්කර සියගානක් පවරගන්නයි නව දුම්රිය මාර්ගයට මොනතරම් වියදමක් යනවද? අලුත් දුම්රිය මාර්ගය සිය දිවි හානිකරගන්න අයට නම් හොඳයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

