කටුනායක සිට දිල්ලි හරහා කැනඩාවට
සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා කැනඩාවේ , ටොරොන්ටෝ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දීය ගුවන් සේවය සමග සංකේත හුවමාරු ගිවිසුමක් ඇති කර ගෙන තිබේ.
ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගුවන් තොටුපළ වෙත රැගෙන යන ගුවන් මගීන්ට එතැන් සිට නොනවතින ගුවන් ගමනකින් පසුව කැනඩාවේ ටොරොන්ටෝ නුවර ලෙස්ටර් බී.පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීමට හැකියාව ලැබී තිබේ.
මේ සඳහා සෑම සතියකම බදාදා , සිකුරාදා සහ ඉරිදා දින වල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර , ඉන්දියාවේ නවදිල්ලි සිට කැනඩාවේ ටොරොන්ටෝ වෙත යන ගුවන් ගමන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 3640 ලෙසත් යළිත් ටොරොන්ටෝ සිට ඉන්දියාවේ නවදිල්ලි වෙත පැමිණෙන ගුවන් ගමන
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 3641ලෙසත් ක්‍රියාත්මක වීමට නියමිතය.
ටී.කේ.ජී. කපිල

popular news
-
Champa Friday, 08 November 2019 03:05 PM
හයියෝ පිස්සුද? හරිම මෝඩ වැඩක්. ඉන්දියාව මොකොටද? ලංකාවයි කැනඩාවයි අතරේ ගුවන්සේවා ගිවිසුමක් අත්සන් කරන්න ඔක්කොම මූලික සාකච්චා කරලා තියෙනව දැන් මම හිතන්නේ අවුරුදු 15-20ක විතර ඉඳන්. පටන් ගන්න බැරි වෙලා තියෙන්නේ ඒක ගැන කිසිම උනන්දුවක් නැති එක සහ හරියට වැඩේ වෙන විදිහට කතා කරන්න දන්නේ නැති එක. ටොරොන්ටෝ ඉඳල කොලොඹට Sri Lankan Airlines එක ගුවන් ගමන් පටන් ගන්නවා නම් දෙමල සිංහල මිනිස්සු ඔක්කොම උඩින්ම කැමති වෙනවා. කැනඩාව එක්ක නවත්තල තියෙන සාකච්චා පටන් අරන් මේ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කරන්න දැන් හරිම ලේසියි. තව තව අදින්න වැඩක් නැහැ. ටොරොන්ටෝ වල දෙමල චන්ද හුඟක් තියෙන හින්ද කැනඩා රජය මේ වැඩේට කැමති වෙයි. ටොරොන්ටෝ ඉඳන් කොලොඹට එන්න පැය 16ක් විතර යයි. ඩුබායි ඉඳන් ටොරොන්ටෝ එන්නත් පැය 14ක් යනවා. Sri Lankan Airlines කරන්න ඕනේ ටොරොන්ටෝ/කොළොඹ/යාපනය කියල flights පටන් ගන්න එක. අනිත් පැත්තෙන් Air Canada එකට පුළුවන් මොන්ට්‍රියල්/ටොරොන්ටෝ සහ වැන්කූවර්/ටොරොන්ටෝ flights මේකට connect කරන්න. හුඟක් දෙමල මිනිස්සු ලන්ඩන්, ඩුබායි යන්නේ අකමැත්තෙන්. කවුරුවත් කැමති නැහැ හරිම දිග layover කාලයක් තියෙන හින්ද. හැබැ
Reply : 0 1
Champa Friday, 08 November 2019 03:13 PM
හැබැයි පටන් ගන්නවා නම් ටොරොන්ටෝ/කොළොඹ ගුවන් ගමන් කාලය පැය 16ක් වගේ දිග කාලයක් හින්ද දාන්න ඕනේ ටිකක් ඉඩ කඩ තියෙන plane එකක්. Air Canada එකේ seats හරිම narrow. Legroom වල පොඩ්ඩක්වත් ඉඩ නැහැ. මිනිස්සු මේ ගැන හරියට විවේචන කරනවා.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

