කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාසය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 18 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 12 දෙනෙකු අද දින කොරෝනා වෛරසයට ගොදුරු වී තිබේ .
ඒ අනුව කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ ඇති කර්මාන්තශාලා 55 ක සේවය කරන සේවකයින් 1,278 දෙනෙකු මේ දක්වා මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන තිබේ .
එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද අද දින නව කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු සොයාගෙන තිබේ .
ඒ අනුව මෙම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 1,310 දෙනෙකු වාර්තා වී තිබේ .
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළින් අද දින කොරෝනා ආසාදිතයන් 243 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඔවුන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් 206 දෙනෙකු ද , දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් තුළින් 37 දෙනෙකු ද සොයාගෙන තිබූ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය .