බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි විද්‍යුත් ද්වාර (e-Gates System) පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව රුපියල් මිලියන 260ක ආයෝජනයක් සහිතව විද්‍යුත් ද්වාර 10කින් සමන්විත පද්ධතියක් ස්ථාපිත කිරීමට නියමිතය.
දැනට ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන්තොටුපොළේදී සපයනු ලබන සේවාවන්ට විකල්පයක් වශයෙන් මෙම විද්‍යුත් ද්වාර සවි කිරීම මගින් ගුවන් තොටුපොළේ පැමිණීමේ හා පිටවීමේ නිෂ්කාෂණ ක්‍රියාවලිය වඩා විධිමත් කිරීමේ අරමුණින් මෙම පද්ධතිය ස්ථාපිත කිරීමට කටයුතු යොදා තිබේ.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න යන මහත්වරුන් ඒකාබද්ධව මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
