කටාර් රාජ්‍යයේ විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාවට
කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකරන රටවල් අතුරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ කුසලතා අගයමින් විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට එරට පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත.
2019.05.01 දිනට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර තිබු අතර, කටාර් රාජ්‍යයේ පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍ය යුසෙෆ් බින් මොහොමඩ් අල් ඔත්මාන් ෆක්රූ ( Yousuf Mohamed Al Othman Fakhroo) මහතා විසින් ප්රදානය කරන ලද මෙම සම්මානය කටාර්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක රසික ජයසිංහ මහතා වෙත ප්රදානය කර ඇත.
මෙහිදි ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ක්‍රමවේදය ඇගයීමට ලක්කර ඇති අතර සේවක ආරවුල් විසදීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දක්වනු ලබන දායකත්වය සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුහදශීලි සේවාදායකත්වය අගයමින් මෙම සම්මානය පිරිනැමීම සිදුකර ඇත.

popular news
-
rocky Saturday, 11 May 2019 07:30 AM
විශිෂ්ටයි! මුස්ලිම් රටකට ගැහැණු සප්ලයි කිරීමෙන් සම්මානයක් ලැබීම මොන තරම් අඅභිමානවත් ජයග්‍රහණයක්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

