කටහඩින් ජන්දය විමසා අගමැති ඉවත් කිරිම සුදුසු නෑ - GL
පාර්ලිමේන්තුවේ කටහඬින් ඡන්ද විමසන අවස්ථා තිබෙන බවත්, එහෙත් අගමැතිවරයෙකු ඉවත් කිරීම සඳහා එය සුදුසු ක්‍රමයක් නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද පැවසීය.
හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් මහතා,
“තමාට විරුද්ධව ඉදිරිපත් කරන චෝදනාවලට පිළිතුරු දීමට අගමැතිවරයාට අවස්ථාවක් තිබිය යුතුයි. එම අවස්ථාව ලැබෙන්නේ පූර්ණ විවාදයකින්. ඒ විවාදයට සූදානම් වීමට අවම වශයෙන් දවස් 5ක් අවශ්‍ය බව ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන් වෙනවා. අගමැතිවරයෙකු මේ විදිහට කටහඬින් ඉවත් කරන්න පුළුවන් නම් මොනවද මේ රටේ කරන්න බැරි? පාර්ලිමේන්තුව රැස්වෙන වෙලාව තීරණය කිරීම වැනි සුළු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කටහඬින් ඡන්දය විමසීමක් කළ හැකියි. නමුත් රටේ අගමැතිවරයා ඉවත් කිරීම ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස්.” යැයි පවසා සිටියේය.

popular news
-
rocky Tuesday, 20 November 2018 06:14 AM
ඔහේ කියන දේවල් දැන් ගණන් ගන්නේ කවුද? තමන් හිතාගන ඉන්න මිනිහා නොවෙයි, දැන් ඔහේ වෙනත් මිනිහෙක්!
Reply : 0 8
Don Tuesday, 20 November 2018 08:18 AM
මේ මිනිහා තමයී කිව්වේ ඉහල උසාවියේ නියෝගය අනුව පාර්ලිමේන්තුව අරින්න කොහොමවත් බැහැ කියල මෙයාගේ නීති හොඳයි කුනුකූඩේට දාන්න
Reply : 0 3
සිංහයොත් බලු වෙනවා Tuesday, 20 November 2018 09:23 AM
අගමැති කියන කරඬුව මහින්දගේ ඔලුවේ තියල ඒක අල්ලාගෙන ඉද්දි මෛත්‍රී මහින්දගේ සරම කඩලලු. දැන් අගමැතිකම අල්ලාගෙන ඉන්නවා නමුත් සරම බිම. ඒක ඇත්ත නේද? අගමැතිකම රැකගන්න කරන්න පුළුවන් සේරම ජඩ වැඩ කරනවා.
Reply : 0 20
Nandana Tuesday, 20 November 2018 01:10 PM
බන පොතක් බලාගන්න දැන් කලේ හරි වගේ .
Reply : 0 0
Saththaya Tuesday, 20 November 2018 02:18 PM
ඔව්, එතකම් පසුගිය සමයේ කරපු හොද වැඩ වලින් බේරෙන්න පසුබිම හදා ගන්න . බිය වද්දලා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

