කටුනායක නිරෝධායන කටයුතු නිල වශයෙන් අවසන්
කටුනායක ගුවන් තොටුපොළේ පසුගිය 10 දා අලුයම 4.00 සිට ආරම්භ කර තිබූ නීරෝධායන කටයුතු අද (22දා) සවස 3.00 ට නිල වශයෙන් නිමාවට පත් කළ බවත්, මෙම කාලය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 3,491 ක් නීරෝධායන කටයුතු සඳහා , රට පුරා පිහිටුවා ඇති නීරෝධායන මධ්‍යස්ථාන 22 ක් වෙත යොමු කර ඇති බවත්, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.
මින් පසු රජයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ විශේෂ අවසරයක් ඇතිව ගුවන් යානයක් ශ්‍රී ලංකාවට ගෙන්වූවොත් හැර , එයින් පරිබාහිරව කටුනායක ගුවන් තොටුපළ සිට ක්‍රියාත්මක නීරෝධායන වැඩසටහන මෙසේ නිමාවට පත් කර ඇති බවද ගුවන් තොටුපළ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මගීන් කිසිදු බාධාවකින් තොරව පිටත්ව යන අතර, කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ රට තුළට පැමිණෙන ගුවන් මගීන් සඳහා ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
එහෙත් සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන එන ගුවන් යානා, හදිසි ගොඩබැස්සවීමට පැමිණෙන ගුවන් යානා, කාර්මික දෝශ මත ගොඩබැස්සවීමට පැමිණෙන ගුවන් යානා, ආහාර සහ ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ගුවන් යානා සහ මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා සඳහා ද තවදුරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට අවස්ථාව ලබා දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

