කජ්ජේ ඉදන් රට කෑවා - බන්දුල
එක්සත් ජාතික පක්ෂය රට විනාශයට පත්කළ බවත් ජනවාරියේ ගෙවීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය වාරිකය ගෙවීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික පර්යේෂණ ඒකකයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
“ආර්ථිකය කඩා වැටීම තිවූර කිරිමට අදාළ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දී තිබෙනවා. අපි මාස හයකට කලින් කිව්වා ඩොලරය රුපියල් 200ට නගිනවා කිව්වා. ණය ශ්‍රේණිගත කිරිම්වලින් පසුපසට යනවා කිව්වා. එක්සත් ජාතික පක්ෂය තමන්ගේ රටට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහින් ණය ගන්න බැරි තත්ත්වයට පත්කළා.
මම පැන්ඩා බොන්ඩ් එක ගැන කිව්වා.මහින්ද රාජපක්ෂ මහතා රට බාර ගන්න විට නොපියවා තිබුණ ණය රුපියල් ට්‍රිලියන 2යි. එතුමා අවුරුදු 10ක් ආණ්ඩු කළා. යුද්ධය තිබුණා. යුද්ධය සඳහා විශාල වශයෙන් ණය ගත්තා. ඛනිජ තෙල් අර්බුදය, ආහාර අර්බුදය තිබුණා මූල්‍ය අර්බුදය තිබුණා මේ සියලු අර්බුද යටතේත ගත්ත ණය අණ්ඩුව බාරදෙන විට ණය ට්‍රිලියන 7 යි. අවුරුදු 10කට ණය වැඩිවුණේ ට්‍රිලියන 5 යි. දැන් නොපියවූ ණය ප්‍රමාණය ට්‍රිලියන 11.3යි. අවුරුද්දකට ට්‍රිලියනය බැගින් ණය වැඩිවෙලා තිබෙනවා. රට බිත්තියට හේත්තු කරන විට ජනපතිතුමා කිව්වා අර්ථික කළමනාකරණ කමිටු රට කෑවා කියලා.
කජ්ජේ ඉදන් සියල්ල අවුරුදු තුනක් ඇතුළත විනාශ කළා. ස්වදේශිකයන් වනසන විජාතිකයන් දිදුළන ක්‍රමයක් ක්‍රියාත්මක කරා. ණය වාරික ගෙවීම ගැන කිසිම ගැටලුවක් නෑ. ජනවාරියේ ඩොලර් බිලියන 1000ක් ගෙවන්න තිබෙනවා.ඒක ගෙවන්න අපි කටයුතු යොදලා තිබෙන්නේ. ආණ්ඩුව කාගේ තිබුණත් අපි ණය ගෙවීම පැහැර හැරලා නෑ.”

popular news
-
Nandana Tuesday, 20 November 2018 12:53 PM
නය ගෙවන්නේ ඔයගොල්ලෝ නෙමේ අපි නිකන් බොරුවට ඔලුව ඉදිමොගන්නේ නැතිව ඉන්නවා හලෝ.තමුසෙටත් ඕනනම් මම 2500 දෙන්නම්
Reply : 0 0
Saththaya Tuesday, 20 November 2018 02:14 PM
අප්පේ මේයාලගේ අවරුදු දහය රට ගොඩගත්තා . මේ අය ගොඩ ආව එකය් වුනේ. තවමත් ගද සුවද නැතුව කතා කරන්නේ බලු කුඩු වලට යන එකෙන් බේරෙන්න . අන්තිමට මහජනතාව දුක් විදිනවා බදු ගෙවා ගෙවා . දැන් බේරෙන්නය් දගලන්නේ මහජනතාවට මොනා වුනත් .
Reply : 0 0
rocky Tuesday, 20 November 2018 02:19 PM
කොහොමද මහත්තයෝ දැන් අර රුපියල පහලට රෝල් වෙන එක නතර වෙලාද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

