කජ්ජා ඝාතනයට ඕන අචිනි ඩුබායි සිට ගෙනෙයි
කජ්ජා ඝාතනයේ විමර්ශන සදහා අත්යාවශ්යව සිටි අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නැමති කාන්තාව ඩුබායි රාජ්යයේ සැගව සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටිය දී මෙරට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් භාර ගෙන 10/27 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.
34 හැවිරිදි වියේ පසුවන , මෙම කාන්තාව මිද්දෙණිය , කටුවන ප්රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඇය " කජ්ජා " නැමති අය සමග සමීප සබදතා පවත්වා ඇති කාන්තාවක බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
ඇය කජ්ජා වෙත අවසාන දුරකථන ඇමතුම මෙන්ම අවසාන දුරකථන පණිවිඩය ( Massage ) ද ලබා දී තිබූ බවත් , බැකෝ සමන් නැමැත්තාගේ උපදෙස් මත , ආහාර ගැනීම සදහා "කජ්ජා" ඇතුළු දරු දෙදෙනා , අවන්හලක් වෙත කැදවා ඇත්තේ ද මෙම කාන්තාව බව පොලිස් විවිමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ .
එසේ ආහාර ගැනීම සදහා පැමිණි " කජ්ජා " ඇතුළු දරු දෙදෙනා වෙඩි ප්රහාරයකට ලක් වී මිය ගොස් තිබූණි .
අචිනි 10/27 දින අලුයම 05.20 ට ඩුබායි සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබූ අතර , එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව දැඩි ආරක්ෂක රැකවල් මධ්යයයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගියාය .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

