කැකුණගොල්ල කොවිඩ් රෝගියා අගිය තැන් සොයයි
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුපොත කැකුණගොල්ල ගම්මානයෙන් හමුවූ කොරෝනා වෛරසය ආසාධනය වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයින් සහ ඇය ඇසුරු කළ පවුල් කීපයක පුද්ගලයන් 16 දෙනෙකුට මේවනවිට ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් ලබාදී ඔවුන් පදිංචි පෙදෙසට පිවීසීම සම්පුර්ණයෙන්ම අවහිර කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය ගීතිකා අමරසිංහ මහත්මිය පැවසුවාය .
රෝගී කාන්තාව දුම්මලසූරිය දිවුරුම්පොළ පදිංචිකාරියක වන අතර ඇය දරුවන් පාසල් යැවීම සඳහා කැකුණගොල්ල ප්‍රදේශයට පැමිණ තාවකාලිකව නිවෙසක් කුලියට ගෙන පදිංචිව සිටියදී මෙම රෝගයට ගොදුරුව ඇති බවද වෛද්‍ය අමරසිංහ මහත්මිය පැවසුවා .
එබැවින් ඇය දිවුරුම්පොළ සහ කටුපොත ප්‍රදේශවල ආගිය තැන් පිළිබඳව තොරතුරු සොයා බලන බවද කීවාය .
මෙම කාන්තාව පසුගියදා නාත්තන්ඩිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගී පුද්ගලයාගේ සොයුරිය බවද ඔහු කැකුණගොල්ල නිවසට පැමිණීමෙන් පසුව ඇයටද ඔහුගෙන් වෛරසය ආසාධනය වී ඇති බවද අමරසිංහ මහත්මිය සඳහන් කළාය.
ගීතාංජලී ප්‍රියදර්ශනී
popular news
-
AKRAM Thursday, 02 April 2020 02:01 PM
මෙම කාන්තාව කටුපොත රෝහලෙන් ප්‍රතිකාර ගත බව මාධ්‍ය පුවත් වල සඳහන් උනා. කටුපොත රෝහල තියෙන්නේ නගර මධ්‍යයේ. ඒ නිසා කටුපොත අවදානම් සහිතයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

