රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සම්බන්ධ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු විසින් රජයේ රෝහල් කිහිපයක ඖෂධ හිගයක් පවතින බවට ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් ගෙන යන එම අසත්‍ය ප්‍රචාරය දේශපාලන වුවමනාවක් මත සංවිධානාත්මකව සිදු කරන්නක් බව අවධාරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ජනාධිපතිවරණය සඳහා පැය කිහිපයක් පමණක් ඉතිරිව තිබෙන මොහොතක රජය අපහසුතාවයට පත් කිරීමේ උපාය මාර්ගයක් වශයෙන් මෙම ඖෂධ හිගය මැවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කිහිප දෙනෙකු විසින් අමානුෂික උත්සාහයක නිරත වන වෙමින් සිටින බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලබන වසරේ අප්‍රේල් මස දක්වා මෙරට සියලු රෝහල් සදහා අවශ්‍ය වන ඖෂධ තොග මේ වන විට ජාතික සංචිතය තුළ ගබඩා කර ඇති බවත් පවතින සුළු ඖෂධ හිගයද සැලසුම් කළ පරිදි දින දෙකක් තුළ අවසන් කිරීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
