මස්කට් සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඕමාන් ගුවන්සේවයට අයත් WY 371 දරන මගී ප්රවාහන ගුවන්යානය කටුනායක අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මත්තලට ගොඩබස්වා තිබේ .
අද පෙරවරු 8.20ට පැමිණ තිබෙන මෙම ගුවන්යානය කටුනායක කාලගුණ තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු යළි පෙරවරු 9.50 ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පියාසර කල බව මත්තල ගුවන්තොටුපොළේ ප්රකාශකයෙකු කියා සිටියේය .
