ඕනෑම අවස්ථාවකට සූදානම් - වජිර
ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සූදානම්ව සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
මේ වනවිට අධික වැසි හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක ආපදා තත්ත්වයක් හටගෙන ඇති බැවින් ජනතාව වඩාත් ආරක්ෂාකාරී තත්ත්වයක්ට පත්කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය සහන සැපයීමටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බව ද ඒ මහතා කියා සිටියේය.
ගංවතුර සහ වැසි ජලය බැස නොයාම හේතුවෙන් ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවී කොටුවී සිටින පුද්ගලයන් බේරා ගැනීමට ද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කරමින් සිටියි.
මේ අතර පීඩාවට පත්ව සිටින පුද්ගලයන්ට පිසූ ආහාර, පානීය ජලය, වියළි ආහාර සහ ඖෂධ ලබාදීමේ කටයුතු ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක කරමින් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ආපදා හේතුවෙන් පීඩාවට පත්වන පුද්ගලයන් ඒ බව තම පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට හැකි ඉක්මණින් දැනුම් දෙන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
popular news
-
කෝලිත Sunday, 07 October 2018 02:40 PM
අරනායක මිනිස්සු තාම එතන ..මීතොටමුල්ලෙ මිනිස්සුන්ට තාම හරියට පිහිට වෙලා නැහැ...මීට කලින් ආව ගංවතුරෙදිත් හරි යමක් කලේ නැහැ රටෙි මිනිස්සු එකතු කරල නොදුන්න නමි මෙලේ දෙයක් නැහැ..රෙදි ඇදගෙනද ඔය කතා කරන්නෙ...?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
