ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම මූල්‍ය ආයතනයක් වන මැකෝරි (Macquarie)ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස ශ්‍රී ලංකාවේ ෂෙමාරා වික්‍රමනායක මහත්මිය අද (26දා) පත්ව තිබේ.
එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ නිකලස් මූවර් මහතාගේ විශ්‍රාම යෑමත් සමග ඒ මහත්මියඑම තනතුරට පත්ව ඇති අතර, ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම ආයතන 20 අතර මෙවැනි ප්‍රධාන විධායක තනතුරක් හොබවන ප්‍රථම කාන්තාව ලෙසද ඇය එරට ව්‍යාපාර ක්ෂේත්රය තුළ වාර්තාගත වී තිබේ.
ඇය ප්‍රථමයෙන්ම මැකෝරි ආයතනයට සම්බන්ධ වී ඇත්තේ 1987 වර්ෂයේදීය. එහිදී ඇය විශ්‍රාමලත් මූවර් මහතා යටතේ ආයතනික සේවා සඳහා සම්බන්ධ වී ඇති අතර, ඒ යටතේ උපදේශක, යටිතල පහසුකම්, අරමුදල්, ආයතනික කල්බදු, ණය ලබාදීම යන සේවා අංශ රැසක කටයුතු කර තිබේ. කෙසේ වුවද වික්‍රමනායක මහත්මිය 2008 වර්ෂයේ මූවර් මහතා ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ පසු මැකෝරිහි වත්කම් කළමනාකරණ වගකීමද හිමි වී ඇත.
වසර 10ක් ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකාර අධ්යක්ෂ ධුරයේ කටයුතු කළ නිකලස් මහතා සිය විශ්‍රාම යෑමත් සමග මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේෂෙමාරා වික්‍රමනායක මහත්මියගේ නායකත්වය තමන්ට මහත් සතුටක් මෙන්ම ඇයට ලැබුණු වරප්‍රසාදයක් ලෙසයි. තමන් සමග වසර 30ක් සේවය කළ ඇය වැඩකටයුතු හොඳින් සිදුකිරීම පිළිබඳව සහ ආයතනයේ ආරක්ෂාව පිළිබඳ කිසිදු බියක් නොමැති බවද හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා තිබේ.
එක්සත් ජනපදය හා කැනඩාව තුළමූල්ය සේවා සැපයීමේ ප්‍රසිද්ධියක් උසුලන මෙම ආයතනයපසුගිය වර්ෂවල වික්‍රමනායක මහත්මියගේවත්කම් කළමනාකාරීත්වය යටතේ ලෝකයේ රටවල් 23ක 1600ක කාර්යමණ්ඩලයකින් යුතුව වේගයෙන් වර්ධනය වන්නා වූ සාර්ථකම ආයතනය බවට පත්ව තිබේ.
මෙම ආයතනයේ ටී.එම්. පර්යේෂණ ප්‍රධානී බෙල් පෝටර් ප්‍රකාශ කරන්නේ මෙම තනතුරු සඳහා සුදුසුම පුද්ගලයා ඇය බවයි.
කෙසේ වුවද වසර 30ක් මුළුල්ලේ තමන් මෙම ආයතනය සමග සමීපව කටයුතු කළ අතර, එහිදී තමන්ට කිසිදු බාධකයක් නොතිබුණ බවත්,එහිදී කිසිසේත් ස්ත්‍රී පුරුෂභාවය, වාර්ගිකත්වය ආදී සාධක පදනම් කර නොගෙන සිය ගුණාත්මකභාවය ගැන පමණක් සැලකීම පිළිබඳවත් වික්‍රමනායක මහත්මිය මාධ්‍ය හමුවේ සිය ආයතනයට ප්‍රශංසා කර තිබේ.

ෂෙහානි දිල්රුක්ෂිකා