ඔය මොනවා කීවත් අවසානයේ ගෝඨාභයට ජනපති අපේක්ෂකත්වය දෙන්නෑ - හැරිසන්
ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය මහත්තයාද කවුද ඉදිරිපත් කරන්නේ කියන එක එයාලගේ වැඩක්, හැබැයි අවසාන වෙන කොට ගෝඨාභය මහත්තයටත් අපේක්ෂකත්වය දෙන්නේ නෑ යැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, මහඉලුප්පල්ලම, කඩියන්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් ඒ මහතා,
ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමින් සූදානම් වෙමින් යනවා. වත්මන් ජනාධිපතිතුමන් ජනාධිපතිවරණය ගැසට් කළාට පසුව අපි අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරලා ඔබතුමන්ලාට දැනුම් දෙන්නම්. බොහෝ දෙනෙක් ජනාධිතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වුණත් ඔක්කෝටම ඉදිරිපත් වෙන්න බෑනේ.
අපේ පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලයත් එක්ක කථා කරලා, ආණ්ඩු පක්ෂය කථා කරලා, අපිත් එක්ක එකතු වෙලා ඉන්න සෙසු පක්ෂත් එක්කත් සාකච්ජා කරලා ඒ සියලු දෙනාම ඒකාබද්ධව තමයි මේ කාර්යභාරය කළ යුතුව තිබෙන්නේ. ඒ නිසා ඒකට තව කල් තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමන්ට තව මාස 05ක වගේ කාලයක් තියෙනවා එතුමාගේ කාලසීමාව අවසන් වුණාට පස්සේ ජනාධිපතිවරණය කැඳවයි. ඒ වෙනකල් බලන් ඉමු. එක එක්කෙනාට ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ විවිධ මත කියන්න පුළුවන්. අවසානයට පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලයත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමත්, ඒත් එක්කම අපිට වැදගත් අපිට උදවු කරන සුළුජාතික පක්ෂ, ඒ සියලු දෙනා ඒකමතිකව කැමැත්ත දෙන්න ඕන. එහෙම වුණොත් තමයි සාර්ථක වෙන්නේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ පාර්ලිමේන්තු කාරක සභාවේ සාක්ෂි දෙන අයගේ ප්‍රකාශ එක්ක ඇතැම් අය බලන කෝණයන් අනුව කියනවා මෙයා හිරේ දාන්න ඕන, මෙයා එල්ලුම්ගස් අරින්න ඕන කියලා. යම් චෝදනාවක් ඔප්පු කරන්න සාක්ෂි තියෙන්න ඕන. ඒ සාක්ෂි අනුව නීත්‍යනුකූලව පොලීසිය, අධිකරණය පරීක්ෂණ කටයුතු කරනවා. අධිකරණ තීන්දු ආවට පස්සේ අපිට බලාගන්න පුළුවන් හිරේ යවනවාද එල්ලුම් ගස් යවනවාද කියලා.
ඒකාබද්ධයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය මහත්තයාද කවුද ඉදිරිපත් කරන්නේ කියන එක එයාලාගේ වැඩක්. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අවසාන වෙන කොට ගෝඨාභය මහත්තයටත් අපේක්ෂකත්වය දෙන්නේ නෑ. වෙන කවුරු හරි දාන්න තමයි ඒ ගොල්ල කල්පනා කරන්නේ. ඒ කණ්ඩායම ඇතුළෙත් විවිධ කල්ලි කණ්ඩායම් බිහි වෙලා තියෙනවා. දයාසිරි ජයසේකර මැතිතුමා කියනවා ඒ දොගොල්ලන්ගේම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කියලා. පොහොට්ටුවේ අය කියනවා එහෙම එකක් කියලා නෑ, ඒ ගොල්ලන්ගේම පක්ෂයෙන් කෙනෙක් ඉදිරිපත් කරන්නේ කියලා කියනවා. මේ වගේ අර්බුද ගණනාවක් තියෙනවා. ඉදිරියේදි ඒ ගැන තීරණය කරාවී යනුවෙන් ඔහු අදහස් දැක්වීය.
එප්පාවල - තිසර සමල්

popular news
-
Chathuri Monday, 24 June 2019 04:50 PM
මහින්ද අගමැති කරන. කෙනෙක් තමයි මහින්ද. ජනපති කරවන්නේ. ,ගෝටා ,මහින්ද. දෙන්නම. නමගිය. මිනීමරු. හොරු දැන්. ඇවිත්. ඩේසි ආච්චිගේ. සොහොනත් පන පිටින්. ඉද්දි. හදල ඉවරකරයි. , කිසිම. දවසක. මේ. දෙන්නට. රටේ. ජනතාව. බාර ගන්න. තහනම් මුන්ව. හොදයි. මස්. කඩේට. සත්තු. මරන්න. රටේ මුදල්. මුන්ගේ. පවුල්වල කට්ටියට. බෙදාගන්න. , සියලුම. ආයතන. පවුලේ උන්ට. බාර දෙන්න. කෝ උදයංග මුන්ට. දැන්. සේරම. අමතකයි. කාලකන්නි. රාජපක්ෂ. වරුන්ට
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

