ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණයට පියවර
සියවස් ගණනාවක් පැරණි මාතලේ , ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණය සදහා ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවධානය යොමු වෙයි.
නව ලග්ගල නගරය නිර්මාණය වීමත් සමග කිරිඅම්මා උල්පත නැරඹිම සදහා පරිබාහිර පුද්ගලයින්ගේ පැමිණිම වැඩිවී තිබේ.
මෙම තත්ත්වය හමුවේ විවිධ පුද්ගලයින් විසින් කිරිඅම්මා උල්පත ආශ්‍රීත පරිසර පද්ධතිය විනාශ වන අකාරයෙන් හැසිරිම හේතුවෙන් කිරිඅම්මා උල්පත සංරක්ෂණය කිරිමට ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ අවධානය යොමු වී තිබේ.
ප්‍රාදේශිය ලේකම් පියල් ජයසූරිය මහතා පසුගියදා රාජ්‍ය නොවන සංවිධාන සමග පැවති ප්‍රගති සමාලෝචනයක දි කියා සිටියේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය,මහාසංඝරත්නය,පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකගේ මැදිහත්වීම යටතේ කිරිඅම්මා උල්පත සංරක්ෂණය සදහා අවශ්‍ය පියවර ගන්නා බවයි.
සියවස් ගණනාවක සිට පැරැන්නන් විසින් විවිධ චාරිත්‍ර ඉටුකිරිම සදහා භාවිත කළ මෙම අති දුර්ලභ ජල උල්පත වසර පුරා බුබුළු දමමින් මතුපිටට ජලය මුදාහරිනු ලබයි.
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව පවතින බවට විශ්වාස කරන බොහෝ පිරිසක් මෙම ස්ථානයට පැමිණ භාරහාර වීම භාර ඔප්පු කිරිම් ආදී කටයුතු වල නිරත වෙති.
එම අවස්ථා වලදී ඉවතලන අපද්‍රව්‍ය උල්පත ආශ්‍රීතව දමා යෑම, කිරි ඉතිරිම සදහා යොදාගන්නා අමුද්‍රව්‍ය වල අමතර කොටස් පරිසරයට මුදා හැරීම ආදී කටයුතු හේතුවෙන් කිරිඅම්මා උල්පත විනාශවීමේ අවධානමක් පවතින බව පරිසර සංවිධාන රැසක් පසුගිය සමයේ අනතුරු ඇඟවීය.
මෙම සියලු කාරණා සැලකිල්ලට ගෙන ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණය කිරිම සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ප්‍රාදේශිය ලේකම් පියල් ජයසුරිය මහතා කියා සිටියේය.

popular news
-
රජින්ද Thursday, 14 November 2019 10:55 PM
ප්‍රඥාවෙන් කරනු ලබන භක්තියට පයින් ගසා විවිධ වෘත පුර්ණය කර නිවන සොයනා අනාර්යය පුහුදුන්හු ධර්මයත්, ජාතියත් දැයත් එක හා සමානව විනාශ කරමින් සිටි.
Reply : 1 0
Champa Friday, 15 November 2019 06:00 PM
මම මෙතනට ගිහිල්ල නැහැ. බලන්නම යායුතු තැනක්. මේ උල්පත සංරක්ෂණය කරන්න තීරණය කරපු එකට ස්තූතියි. මේ වගේ ස්ථාන ලෝකයේ හරිම විරලයි. මේ උල්පතේ මුළු අවුරුද්ද පුරාම මෙහෙම වතුර බුබුළු නගිනවා කියල මම අහල තියෙනවා. ඒ වගේම මිනිස්සුන්ගේ විශ්වාස වලට පහර නොගහ එම විශ්වාස වලට ගරු කරන්න ඉගෙන ගන්න එකත් හොඳයි. මේ වගේ ස්ථානයක් තමයි ප්‍රංශයේ ලූර්ඩ්ස් කියන ස්ථානයත්. ලොව පුරා ලක්ෂ ගණන් කිතුනු භක්තිකයෝ එතනට යනව. එහි තියෙන වතුර වල රෝග සුව කිරීමේ බලයක් තියෙනවා වගේම එම ස්ථානය ආශ්චර්ය සිද්ධ වෙන තැනක් විදිහටත් ඔවුන් විශ්වාස කරනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

