ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමක්
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදා හැරීමකට තමා එකඟ බව එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' යාපනය ප්‍රදර්ශනයේ ඊයේ සඳුදා (09) ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවූ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, ප්‍රදර්ශන කුටි නැරඹීමෙන් පසු ප්‍රදර්ශන භුමියේ මාධ්‍ය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වූ අවස්ථාවේදී මේ බව පැවැසීය.
''එකක් පැහැදිලිව කියන්න ඕනේ. පිටරට ගියහම ධන වෙන, ප්ලස්වෙන, ආපහු ලංකාවට ආවම සෘණ වෙන, නෙගටිව් වෙන දෙබිඩි කතා මම ළඟ නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමක් ඉෂ්ට සිද්ධ කරලා ඒ වැඩපිළිවෙළ තුළින් දේශපාලන සවිබලගැන්වීම, ආර්ථික සවිබල ගැන්වීම, සමාජීය සවිබලගැන්වීම, මේ හැම දෙයක්ම ඉෂ්ට සිද්ධවෙන ගමනක් අපි යන්නට බලාපොරොත්තු වෙනවා.
රටේ කිසිම ජන කොට්ඨාසයකට හැඟීමක් එන්නට හොඳ නැහැ අපි දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ පුරවැසියන් කියලා. අපි හැමෝම එකයි. එක රටක්, එක මාතෘභූමියක්, එක ජනතාවක්. එතනදී ජන කොට්ඨාස අනුව, ආගම අනුව උස් පහත් භේද නැහැ. සැවොම එකයි. සැවොමට සලකන්නේ එක විදිහට.”

popular news
-
Deepal Nirosh Tuesday, 10 September 2019 09:29 PM
13 වන සංශෝධනයෙ ඉඳල මේ දක්වා තියෙන්නෙත් සන්ධීය ව්‍යවස්ථාවක්, ආයෙ බොරුවට ඒකීය ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා.
Reply : 0 0
Champa Wednesday, 11 September 2019 08:41 AM
එහම කොහොමද මේ රටේ ජන අනුපාතයක් තියෙනවා. ඒක පිළිගන්න ඕනේ ඉස්සෙල්ල. මේ රට ගොඩ නැගුවේ ආරක්ෂා කලේ අපේ සිංහල රජවරු මුතුන් මිත්තෝ. දෙමල මුස්ලිම්වරු මේ රටට කිසි දෙයක් කරලා නැහැ. කරපු එකම දේ අපේ රට විනාශ කරන්න හදපු එක විතරයි. අනිත් එක. මේ කතාව. ඒකීය ශ්‍රී ලංකාවක් තුල බලය උපරිමව බෙදනවලු. අඩු ගානේ තමන් කතා කරන්නේ මොකක්ද කියලවත් තේරුම් ගන්න එපැයි. සරලව කියනව නම් බලය බෙදපු ගමන් රටේ ඒකීය බව නැති වෙනවා. බලය බෙදීමයි රට එකීයව තියා ගැනීමයි දෙකම කරන්න බැහැ. කරන්න පුළුවන් දෙකෙන් එකයි. උපරිමව බලය බෙදනවා කියන්නේ වෙනම පාලනයක් දෙනවා කියන එක. මෙයා චන්දෙ ඉල්ලුවොත් පිස්සොවත් චන්දෙ දෙන්නේ නැහැ. මැද කොළොඹ නාට්ටාමිල ටික නම් චන්දෙ දෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

