ඒකාබද්ධ පක්ෂ නායකයෝ තීන්දු කිහිපයක් ගනිති

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටතින් ගෙනෙන යෝජනාවලට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී තම කණ්ඩායම එකට එකතු වී වැඩකටයුතු කළ යුතු බවට අද (11දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී කතාබහට ලක්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11දා) රාත්‍රියේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා කළ බවද හෙතෙම පවසා සිටියේය.
මීට අමතරව භාණ්ඩ මිල ඉහළ යෑම පිළිබඳ හා අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව පිළිබඳ සාකච්ඡා කළ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාව සඳහා 15 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් තිදෙනෙකු සහභාගි වූ බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී භාරකාර ආණ්ඩුවක් ගැන කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවත්, ආණ්ඩුවේ ඉදිරි මාස 11ක කාලය තුළදී ඇතිවන තත්ත්වයට මුහුණ දිය යුතු ආකාරය හා ඉදිරි දේශපාලන කටයුතු බෙදාහදා ගෙන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
-
Champa Friday, 12 October 2018 12:48 AM
අනේ යන්න නිකන්. අර ත්රස්තවාදීන්ටත් වන්දි ගෙවන Reparations Bill එක පාස් කරලා දුන්න. විරුද්ධව 43යි. දැන් ඔතන ඉන්නවා නේද 70ක්? ඇයි 70ම විරුද්ධව චන්දෙ දීල ඒක පරද්දුවේ නැත්තේ? ආණ්ඩුවට 59යි හිටියේ. පොහොට්ටුවේ ඉන්නවා මේ වගේ අනාගතයට අහිතකර විදිහට බලපාන, LTTE diaspora වට දීපු චන්ද පොරොන්දු ඉෂ්ඨ කරන්න ගේන පනත් රනිල්ට සම්මත කරලා දෙන්න බලා ඉන්න මිනිස්සු. ඒගොල්ලෝ මේ වගේ කිසිම වැදගත් පනතකට විරුද්ධව චන්දෙ දෙන්නේ නැහැ. මෛත්රිටත් ඕනේ වුනා මේක pass කරගන්න. දෙන්නම කරන්නේ ජ්නිව ගිවුසුමේ දීපු පොරොන්දු ඉෂ්ඨ කරන එක. කවුරු හරි ඔතන කියන්න ඇති උතුරේ දෙමල චන්ද LTTTE supporters ලාද ඇතුළුව චන්ද ගන්න ඕනේ හින්ද ආණ්ඩුවේ ප්‍රමානෙට වඩා අඩුවට චන්දෙ දීල පනත පාස් කරලා දෙන්න කියල නේද? හොඳට මතක තියා ගන්න මේවා ඕගොල්ලෝ ආණ්ඩු කරන්න ගත්තහම ආපිට කැරකිලා එනවා කියන එක.
Reply : 0 0
HECTOR Friday, 12 October 2018 02:17 AM
මාර බරකාරයෝ රටම හොරකල දැන් බාරගන්න හදනවා.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

