එළවලු මිල පහළට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබීම නිසා ගොවීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.
විශේෂයෙන් පහතරට එළවළු වර්ග වන වම්බටු, මෑකරල්, පිපිඤ්ඤා, ගෝවා ,වට්ටක්කා ,දඹළ, කැකිරි ,නෝකෝල්, රාබු, බිට් ,මාළුමිරිස් .අමුමිරිස් ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 10 සිට 30 දක්වා වූ මිලකට අලෙවි වන බව ගොවීහු මෙන්ම ව්‍යාපාරිකයෝ ද කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තක්කාලි රැගෙන ආ ගොවීන් කියා සිටියේ තම නිෂ්පාදන කිලෝවක් සඳහා රුපියල් 10 ක මිලක් වත් නොලැබෙන බවය .
එමෙන්ම උඩරට එළවලු වන කැරට් කිලෝව රු 80ක් බෝංචි කිලෝවක් රු 70ක් හැර අනෙකුත් එළවලු වර්ගද කිලෝව රුපියල් 25 සිට 55 දක්වා මිලයකට අලවිවන බව ගොවින් කියති .
දඹුල්ල ආර්ථිකයේ 02 දින පවතී එළවලු කිලෝවක තොග මිලගණන් මෙසේය .ගෝවා 30/ 40.,ලීක්ස් 25/30 රාබු 10/15 වට්ටක්කා 15/20නෝකෝල් 30/35තක්කාලි 10/15වැටකොළු 50/60 අමුමිරිස් 30/35 වම්බටු 30/.35 ආදී විය .
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අමු මිරිස් රැගෙන ආ ගොවි මහතෙකු අප සමඟ කියා සිටියේ තම නිෂ්පාදන සදහා කිලෝවට රුපියල් 30 ක35 ක මිල තබන බවත්ය .අමු මිරිස් කිලෝවක් නිෂ්පාදනය සදහා රුපියල් 60 ක් පමණ වියදම් යන බවය.
දඹුල්ල කාංචන කුමාර ආරියදාස

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

