එල්ලුම්ගහ ක්‍රියාත්මක විය යුතුයි - තලතා
මරණ දඬුවම ක්‍රියාත්මක කර හෝ මත්කුඩු ජාවාරම ඇතුළු සමාජ අසම්මත වැරදි ක්‍රියා මැඬපැවැත්විය හැකි නම් එය ක්‍රියාත්මක කිරීම වැදගත් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
පැල්මඩුල්ල රිල්හේන ප්‍රදේශයේ පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරිය මෙලෙස අදහස් දැක්වූවාය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය, “අද කතාවක් ඇති වෙලා තියෙනවා මේ එල්ලුම්ගහ නැවත ගේන්න ඕන කියලා. මේ එල්ලුම්ගහ අවුරුදු 42කට ඉස්සෙල්ලා තමයි වැලිකඩ බන්ධනාගාරයේදී අවසානයේදී චන්ද්‍රපාල කියලා මනුෂ්‍යයෙක් එල්ලලා මැරුවේ. මම ඒ ස්ථානයට ගිහිල්ලා බැලුවා. මොකද අපි අහලා තිබුණා විතරයි, මේ ගහ උසද පළලද කියලා දැනගන්න ඕන නිසා. මගේ හිතට එකඟව මේ පිළිබඳව යෝජනා වෙලා තියෙනවා නම් මේක ක්‍රියාත්මක වෙන්න ඕන කියලා, මේක එල්ලලා හරි මේ දේ නවත්වන්න ඕන.
වැරදි දැනගෙන කරන අය ඉන්නවා. නොදැන කරන අය ඉන්නවා. මට අභියෝග රාශියක් ඇවිත් තියෙනවා. අපි භය නම් මේ ආණ්ඩුව ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා නම් අපිට මේවා අයාලේ යන්න ඉඩ දෙන්න තිබුණා. සමහර තැන්වලදී බෞද්ධකම ගැන අපිට මතක නැහැ. අපි බෞද්ධ ප්‍රතිපත්ති තුළ ජීවත් වෙනගමන් අපි දන්නේ නැතිව, අපි හිතන්නේ නැති තරගයකට වැටිලා තියෙන්නේ. අපිට හිත පාලනය කර ගන්න පුළුවන් නම් අපිට එල්ලුම්ගහක් ඕන නැහැ. මෙතැන ඉන්න කෙනෙක් බන්ධනාගාරයක් තුළට නිකං හරි අඩිය තියලා තිබුණා නම්, කිසි කෙනෙක් වැරදි කරන එක දෙපාරක් නොවෙයි හිතටවත් ගන්නේ නැහැ. ඒ තරමටම ඉතා අප්‍රසන්න ස්වභාවයක් තිබෙන, අප්‍රසන්න දේවල් සිදු වන තැනක් තමයි බන්ධනාගාරය, ගෑනියෙක් වෙච්ච මට බාරදීලා තියෙන්නේ.
අපි ඉතිං මේකට අවශ්‍ය දේ කරනවා. බලය ලබා ගන්න නම් ජනප්‍රිය වෙන් නම් නොවෙයි. අපේ කාර්යභාරය අපි නිවැරදිව කරනවා අපි හරි දේ කරනවා. බෞද්ධ දර්ශනය තුළ අපි ජීවත් වෙනවා නම් හැදිච්ච ජාතියක් ලෙස, ශීලාචාර ජාතියක් ලෙස මනුෂ්‍යයෝ හැටියට හරි දේ කරන්න. ඒක වෙච්ච නැති නිසා තමයි විනාශ ගොඩකට මේ රට අර ගෙන ගිහිං තියෙන්නේ“ යැයි පැවසුවාය.

popular news
-
Champa Monday, 06 August 2018 03:37 PM
එල්ලුම් ගහ ගෙන්න ඉස්සෙල්ල නීති වෙනස් කරන්න දරුවන්ට අතවර කරන එවුන්ට. ඒ වගේ තිරිසනුන්ට ඇප දෙන එක නතර කරන්න අලුත් නීති ගෙන්න බැරි ඇයි? අද දිවයින පත්තරේ තිබුන අවුරුදු 3ක තමන්ගේම දුවට අතවර කරපු තාත්ත කෙනෙක් ගැන. ඒ දරුවාගේ අත්ත්තම්ම දැකල කෑගහල මිනිස්සු ඇවිල්ල මිනිහව පොලීසියට බාර දීල. මට ඒක කියවනකොට ඇස් දෙකෙන් කඳුළු එන එක නතර කරගන්න බැරි වුන. අවුරුදු 3ක අනේ මොන තරම් පොඩි දරුවෙක්ද? අර මිනිහ නාකි මිනිහෙකුත් නෙමේ තරුණ මිනිහෙක්. සමහර ඉස්කෝලේ යන දරුවෝ ලෙඩ වෙලා රෝහලට ගිහාම දන්නේ ඒ දරුවෝ pregnant කියලා. නීතියට කිසි බයක් නැතුව මිනිස්සු දරුවන්ට කරන අපරාධ මේ ආණ්ඩුව ආවහම සිය ගුණයකින් වගේ වැඩි වුන. මුළු සමාජයම විපරීත වුනා මේ ආණ්ඩුව හින්ද. ඒ මොකොද කිව්වා නම් ආපු කාලෙම 2015 අපේ සංස්කෘතියට නොගැලපෙන නොයෙකුත් දේවල් කරන්න හැදුව. සමලිංගික සැණකෙළි තියන්නැ හැදුව. ගණිකා වෘත්තීය, ගබ්සාව නීතිගත කරන්න හැරුව, රට අනාගමික කරන්න හැදුව. ITN එකේ 10න් පස්සේ වැඩිහිටියන්ට පමණයි අසභ්‍ය චිත්‍රපටි පෙන්නන්න හැදුව.මේවා හින්ද මිනිස්සුන්ට සමාජ අසම්මත වැරදි කරන්න තියෙන බය නැති වුන. මිනිස්සුන්ගේ තිබිච්ච ගුණධර්ම ඔක්කොම නැති වුන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

