එඩ්ස් තුරන් කිරීමට උතුරේ රථ පෙළපාලි යයි
ජාත්‍යන්තර ඒඩ්ස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාව තුළ එඩ්ස් තුරන් කිරීමට සැවොම එක්වන්නැයි ඉල්ලමින් වව්නියාවේ රථ පෙළපාලියක් ඊයේ දින සංවිධානය කොට තිබුණි.
වව්නියාව ත්‍රීරෝද රථ සංගමය , වව්නියාව මහරෝහල හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් හා වව්නියාව පොලීසියේ සංවිධානත්වයෙන් මෙසේ එඩ්ස් නිවාරණ රථ පෙළපාලිය සංවිධානය කොට තිබුණි.
වව්නියාව මන්නාරම් මාර්ගයේ සිට නගර මධ්‍ය දක්වා පැමිණි රථ පෙළපාලිය අවසන් වූයේ වව්නියාව මහරෝහල් මංසන්ධියෙනි.
ලෝකය පුරාම එඩ්ස් ආසාධිතයින් වැඩි වීමේ අවධානමත් සමග ශ්‍රීලංකාව තුළද එඩ්ස් ආසාධිතයින් වැඩිවීමේ ප්‍රවණතාවක් වාර්තා වී ඇති හෙයින් සියලු දෙනා එක්ව එඩ්ස් ආසාදනය මැඩලීය යුතු බවට ජනතාව දැනුවත් කරමින් මෙම රථ පෙළපාලිය සංවිධානය කොට තිබුණි.
වව්නියාව දිසාපති එම්.හනීෆා මහතා සහ වව්නියාව මහරෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ.චන්ද්‍රකුමාර් යන අයගේ ප්‍රධානත්වයෙන් මෙම එඩ්ස් රෝග නිවාරණ රථ පෙළපාලිය පැවැත්වුණි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
