එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) වැනිදා පෙරවරු 9.30 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති අපේක්ෂකත්වය මෙම සම්මේලනයේදී සම්මත කර ගන්නා බවද මහ ලේකම්වරයා සඳහන් කරයි.
