එජාප මන්ත්‍රින්ට රනිල්ගෙන් උපදෙසක්
ශ්‍රේෂ්ඨාධිකරණය සහා අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද (22දා) දන්වා ඇතැයි එම පක්ෂය නිවේදනය කරයි.
මාධ්‍ය සාකච්ඡාවලදී හා වෙනත් වැඩසටහන්වලදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දක්වා ඇති යම් යම් අදහස් පිළිබඳව අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කර කර ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
විෂයානුබද්ධ කරුණු පිළිබඳව අදහස් දැක්වීමේදී, වගකීමෙන් හා දැනුවත් බවින් යුතුව අදහස් දැක්වීම සිදු කළ යුතු බවද, විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුවත් බවක් නොමැති අවස්ථාවන්හිදී අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ මන්ත්‍රීවරුන් වෙත වැඩිදුරටත් අවධාරණය කර ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
chathuri Thursday, 22 November 2018 06:08 PM
ඒ. වගේම. මේ ටිකත්. කියන්න. සිරිසේනගේ. ඇම කන්න. එපා කියල , පාර්ලිමේන්තුව. රැස් වෙන දවසට. සිරිසේන. කියනවා විනීතව හැසිරෙන්න. , කියල. සිරිසේනට ඕන ලෝකනයකයින්ට පෙන්වන්න. එයා කියන. දේ. අහනවා. කියලා. මේ දේ කරන්න. එපා සියලුම. දෙනා නගිසිටිමින් විරුද්දව. කැගසන්න. , කලින්. වගේ ඉස්කෝලේ යන. ළමයි. වගේ සද්ද. නොකර. එලියට. එන්න. . කාගෙවත් හොඳ. නමින් වැඩක්. නැහැ. තුරුම්පු දාපු. මිනිහ. දැන්. බය වෙලා. ඉන්නේ. , හිගන්නාගේ තුවාලේ. වගේ, අගමැති තුමනි ඔබගේ. තැන. නැවත. ඉක්මනින්. ගන්න පසුව කැමති. කෙනකුට. නායක. කම. දෙන්න. ඔබ. ආපුවම. සිරිසේන අනිවාර්යෙන් ඉල්ලා. අස් වෙන්න. ඕන, මේටික. දන්නා. නිසා. තමයි. සිරිසේන කල්. දමන්නේ. නැවත අපේ රටේ. කිසිම නායකයකුට මේ වගේ දෙකේ පන්තියේ. වැඩ. නොකරන්න. සටන්. කරන්න , මහා එකා කරපු. දේ හෙට. පොඩි ආයතනයේ ඉන්න. එකත්. කරන්නේ. උගත් මිනිසාගේ. තැන නුගතට දෙනවා බලහත්. කාරයෙන්. මේවා. නතර. කරන්න , සිරිසේන සමග නැවත. වැඩ කරන්න කැමතියි කියන්න එපා. රටට. වගතුවක්. නැති. මිනිහෙක්. ගහන්න. ගිවිසුමක්. අනුර කුමාර සමග. අපේ රට ගොඩගන්න , නිත්‍ය සාදාරන. කරන්න. මිනිසුන්ට බය නැතිව තම. කකුල්. දෙකෙන් හිටගන්න එකතු. වෙන්න අනුරකුමාර සමග , පක්ෂ. අමතක කරන්න. උගත් බුද්දිමතුන් ඒ අයට. ඒ තැන දෙන්න අපිට. ඕන උගතුන් පිරි විනීත. ආණ්ඩුවක් තුරුම්පු වව. බෙල්ලට තොණ්ඩු දමල. එලියට දමන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

