මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයන් මුහුණදීමට සිදුව ඇති ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් තමන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බව හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
එය වැළැක්වීමට කටයුතු කරන බවට ජනපතිවරයා සඳහන් කළ බවත් මැතිවරණ සමයේදී පැවැති ප්රජාතන්ත්රවාදී අයිතීන් ඉන් පසුවද ආරක්ෂා විය යුතු බව ඔහු සඳහන් කරයි.