එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා වන බවට යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සම්මේලනයේදි ස්ථිර කර ගත්තේය.
එම යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත විය. මේ අතර තවත් යෝජනා කිහිපයක්ද මෙහිදි ස්ථිර විය.
විධායක ජනපතිධුරය අහෝසි කිරීම ඇතුළුව කරගෙන ආ ව්‍යවස්ථා කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යෑමට අදාළ යෝජනාවක්ද මෙහිදී සම්මත කර ගත්තේය.
