එජාප නායකත්වය භාර ගන්න සජිත්ට ඉල්ලීමක්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ දහවල් පවත්වා ඇත.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂය ජයග්‍රාහණය කරා ගෙනයන මෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් මන්ත්‍රීවරුන් එහිදී ඉල්ලා ඇතැයි වාර්තා වේ.
ඉදිරියේදී පක්ෂ නායකත්වයේ වෙනසක් වෙන්න ඕනෑ
ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ අශෝක අබේසිංහ මහතා එහිදී සිය අදහස් දක්වමින් පවසා සිටියේ,
“ඉදිරියේදී පක්ෂ නායකත්වයේ වෙනසක් වෙන්න ඕන. කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණාම ඒක කියනවා. වෙන පක්ෂවල අය ඉන්න තැන්වල අපේ පක්ෂයේ ඒවා කතා කරන්න බැහැ. ඒවා අවශ්‍ය වෙලාවේදී කතා කරනවා. අපේ ව්‍යවස්ථාව අනුව 2015දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ විට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති විදියට පත් කළා.
එවිට 19 වැනි සංශෝධනය තිබුණේ නැහැ. 19 අනුව ජනාධිපතිවරයාට එකපාරට බැහැ අගමැති පත් කරන්න. ඒ සඳහා සිටින අගමැති ඉල්ලා අස්වෙන්න ඕන නැත්නම් විශ්වාසභංගයෙක් ගේන්න ඕන. අගමැතිවරයා තීන්දු කරලා නැහැ ඉල්ලා අස්වෙන්න. විශ්වාසභංගයක් ගේන්න කවුරුවත් තීන්දු කරලා නැහැ.
ඒ නිසා ආණ්ඩුව දිගටම තිබෙනවා. ඊළඟ මහ මැතිවරණය 2020 පෙබරවාරි 17න් පස්සේ ජනාධිපතිවරයාට කැඳවන්න පුළුවන්. ඊට පෙර මහ මැතිවරණයක් කැඳවන්න පාර්ලිමේන්තුවේ 2/3ක් අවශ්‍යයි. අපි තීන්දු කරලා තිබෙනවා 2/3 දෙන්නේ නෑ කියලා. අපේ මන්ත්‍රීවරු බහුතරයක් කිව්වේ 2/3ක් දෙන්න බැහැ අවසානය දක්වා යා යුතු බවයි. ඒ නිසා ජනාධිපතිවරයා තීන්දු කරාවි මොකද කරන්නේ කියලා" යනුවෙනි.
popular news
-
Dayan Tuesday, 19 November 2019 09:26 AM
මේ අයට පිස්සු හැදිලා පැරදුනාට පස්සේ. නටන්නේ නැතුව මොකද වෙන්නේ කියල ටිකක් බලල අවශ්‍ය වෙනස්කම් කරගත හැකිය්නේ. ආයේ සැරයක් අර පිස්සෝ කණ්ඩායම සජිත්, සජිත්, සජිත් කියනවා නැතිවෙන්න කෙලවාගෙන.
Reply : 1 0
Daham Tuesday, 19 November 2019 12:09 PM
කුජිත වෙන්න පැරදිලා මොන නායකත්වද ? අපේක්ෂකත්වය ගත්තේ මහා උදම් අනල. තම ආසනයවත් දිනාගන්න නොහැකි පුද්ගලයා පොඩ්ඩක් පසුපසට වී වෙන තරුණ කෙනෙකුට නායකත්වය දිය යුතුය.
Reply : 0 0
අප්පුහාමි Tuesday, 19 November 2019 06:36 PM
සිටින නායකයා කොතරම් උගතෙක් බුද්ධිමතෙක් වුනත් සාමාන්‍ය ජනතාවට එතුමා පේන්න බැහැ ඒනිසා එතුමා ඉවත්විය යුතුමයි.එහෙම කියල සජිත් නායකත්වයට ගැනීමත් සුදුසුද කියා සිතන්න වෙනවා අපිනම් සිතන්නේ පාක්ෂකයෙක් වුනානම් පාඨලී ඉතාම සුදුසුයි නැත්නම් සුදුස්සා නවීන් කියලයි අපේ අදහස..බුද්ධිකටත් පක්ෂයේ තනතුරක් දියයුතුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

