එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය හෙට (10දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
විපක්ෂනායක කාර්යාලයේ අද (09දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා (06දා) දින පැවැත්වීමට නියමිතව තිබුණද, පසුව එය හෙට (10දා) දින දක්වා කල් දැමීමට කටයුතු කෙරිණි.