එජාපය පැරදුණොත් නැවත අවුරුදු තිහකටවත් බලයට එන්න බෑ - හලීම්
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රෙමදාස මහතා ජනාධිපති වීම ස්ථිර බවත් යම් හෙයකින් වැරදිලාවත් එජාප පැරදුණොත් මින්පසු වසර තිහකටවත් එක්සත් ජාතික පක්ෂයට බලයට ඒමට රාජපක්ෂවරුන් ඉඩනොදෙන බවත් තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.
අකුරණ ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමින් හලීම් මහතා මෙසේ ප්‍රකාශ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
මෙම මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට වගේම පොදුජන පෙරමුණටත් තීරණාත්මකයි. එක්සත් ජාතික පක්ෂය ජය ගැනීම ස්ථීරයි. වැරදිලාවත් එජාපය පැරදුණොත් නැවත අවුරුදු 30 කටවත් එජාපයට බලයට එන්න රාජපක්ෂවරු ඉඩ දෙන්නේ නෑ.
ඒ වගේම පොදුජන පෙරමුණටත් මේක තීරණාත්මකයි. පොහොට්ටු පක්ෂයේ හුඟක් අයට විවිධ චෝදනා තියෙනවා . ඒවාවලට මේ වන විටත් නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. පොහොට්ටු පක්ෂය මේ මැතිවරණයෙන් පැරදුණොත් ඔවුන්ට නීතිය හමුවේ තියෙන නඩුවලින් දඬුවම් විදින්න සිද්ධ වෙනවා. යැයිද හලීම් මහතා මෙහිදී පැවසීය.

popular news
-
Bandula. Wednesday, 13 November 2019 08:19 PM
එතකොට මහා බැංකුවේ හොරුන්ට මොකද කරන්නේ එයාලට උසස්ස් වීමක් දෙනවද?
Reply : 0 47
රංජිත් Thursday, 14 November 2019 05:51 AM
වසර තිහකින් නොවේ එජාපය පැරදුවොත් නැවත මේරටේ කිසිම දිනක මැතිවරණයක් පවත්වන්නේ නැහැ.රජපවුල සදාකාලිකවම රජ කරනවා.ආසන මට්ටමේ සංවිධායකලා ආසන මට්ටමේ ප්‍රාදේශීය රජවරු වෙනවාමයි.හමුදා පාලනයකට සමාන පාලනයක් රටේ ඇතිවෙනවා.
Reply : 0 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

