විවිධ හේතු නිසා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් ගිය පිරිසට යළිත් පක්ෂය සමග එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. විශේෂයෙන්ම අසීරුතම අවස්ථාවලදී පක්ෂයට ශක්තියක් වූ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට රට ගොඩ නැගීමේ වැඩසටහනට තමන් සමග එක්වන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.
