Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා
2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා
එක්සත් ජාතික පක්ෂයේ තනතුරු හොබවන ඓතිහාසික පාවාදෙන්නන් පිරිසක් විසින් ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත් කළ බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා අද (19දා) පැවසීය.
පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්වීමට පෙර මහමැතිවරණයක් පැවැත්විය යුතුයැයි අදහස් ප්‍රකාශ කරනුයේ එම පාවාදෙන්නන් බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා පරාජයවනු දැක පක්ෂයේ තනතුරුවල රැඳීසිටීමට උත්සහ කරන මෙම පිරිස හදිසි මහමැතිවරණයකදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට ජයග්‍රහණය බන්දේසියක දමා ප්රදානය කිරීමට කටයුතු කරගෙන යන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේදී ප්‍රමාණවත් අරමුදල් නොලැබුණු බවත්,වෙන්කළ අරමුදල්වලට සිදුවූයේ කුමක්දැයි සෙවිය යුතු බවත් හෙතෙම කීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ඇමති මණ්ඩලයට තවදුරටත් එම ධූර දැරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්,ආණ්ඩුවේ සිට විපක්ෂයේ අසුන් ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නොවන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා නිලධාරි මණ්ඩලය වෙනස් කර නව නිලධාරි මණ්ඩලයක් හා සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්නොකළහොත් තමන් එජාප බිංගිරිය ආසන සංවිධායකධූරයෙන් ඉවත්ව වෙනත් දේශපාලන වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනයන බවද ඒ මහතා සඳහන් කළේය.
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීය.
popular news
Dayan Tuesday, 19 November 2019 01:49 PM
හරි මහත්තයෝ අපි දන්න UNP කට්ටිය ගොඩක් පොහොට්ටුවට චන්දෙ දුන්න මේ සැරේ. හොයල බලන්න මොකද උනේ කියල. අස්වන්න නම් එපා.
Reply : 0 0
Sanath Tuesday, 19 November 2019 01:53 PM
පිස්සු ම්ය්නෙක්
Reply : 0 0
deneath mole ethiva wedakaranna Tuesday, 19 November 2019 02:55 PM
Den wa th mole ethiwa weda Kara na it
Reply : 0 0
Champa Tuesday, 19 November 2019 03:49 PM
මේක තමයි හිනා යන වැඩේ. නලින් බණ්ඩාර කියනව රනිල්ට පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්නලු. දැන් ඉතින් රනිල්ද චන්දෙට ඉල්ලුවේ? රනිල් චන්දෙට ඉල්ලුව නම් පරදුනහම ඉල්ලා අස් වෙන්න කියන එක හරි. හැබැයි චන්දෙට ඉල්ලපු නැති මිනිහෙක්ට පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න කියන එක විහිළුවක්. යූඑන්පී එක සෙට්ටපෝච්ච වෙලා යනවා නම් මම හරි කැමති. නමුත් හැමදාම චන්ද ලක්ෂ 5ක් වගේ සොච්චමක් ගන්න TNA එක නැවත විපක්ෂ නායකත්වයට පත් වෙන එක අසාධාරණයි. මේක දැන් කියන එකක් නෙමෙයි. ජනාධිපතිවරණයට හුඟක් ඉස්සෙල්ල ඉයපු එකක්. කවුරුවත් හිතපු නැති විදිහට වහල් ආණ්ඩුවට කොහොම හරි චන්ද ලක්ෂ 55ක් ලැබිල තියෙනව. මේවා අහසින් වැටුණු චන්ද නෙමෙයි. මේවා මේ රටේ මිනිස්සුන්ගේ චන්ද. බොහෝ විට දුප්පත් මිනිස්සුන්ගේ සහ පාට පක්ෂ දේශපාලනයට ඉහලින් පුද්ගල නිදහස අගය කරන අදීන මිනිසුන්ගේ චන්ද විය යුතුයි. අනිත් කාරණේ තමයි ප්රජාතන්ත්රවාදය ගරු කරන කෙනෙක් විදිහට මම හිතනවා ජනාධිපතිවරයා අත්තනෝමතික ක්‍රියාවලියකට යනව නම් ඔහුව පාලනය කරන්න පාර්ලිමේන්තුව ශක්තිමත්ව තිබිය යුතුයි කියන එක. අසීමාන්තිකව බලයක් තිබුණු 2010-2015 කාලයේ වගේ මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිද
Reply : 0 0
Champa Tuesday, 19 November 2019 04:41 PM
මම කියන්න ගියේ ගෝඨාභය-බැසිල් අත්තනෝමතික දේශපාලනයට මම කැමති නැහැ. ලක්ෂ 55 4 5ක ජනතාවකුත් ඒකට කැමති නැහැ කියල චන්දෙන් පස්සේ ඔප්පු වෙලා තියෙනව. මම CTඑකටත් ලියපු විදිහට ප්‍රධාන වශයෙන් ගෝඨාභය රටේ ආරක්ෂාව වෙනුවෙනුත් සජිත් රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙනුත් පෙනී හිටිය. ලක්ෂ 70ක්, ඒ කියන්නේ බහුතර සිංහලයෝ රටේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන කොට, ලක්ෂ 55ක් ප්රජාතන්ත්රවාදය ඉල්ලලා තියෙනව. සමස්තයක් විදිහට ගත්තොත්, චන්දය දුන් ලක්ෂ 134න් ලක්ෂ 70ක් රටේ ආරක්ෂාව ඉල්ලන කොට, ඊට වඩා තමන්ට අදහස් ප්‍රකාශ කරන්න, රැස් වෙන්න සහ ලියන්න තියෙන නිදහස තවදුරටත් අවශ්‍යයි කියල ලක්ෂ 64ක් කියල තියෙනව. එහෙම ගත්තොත් ආරක්ෂාව ඉල්ලූ ජනතාව සහ පුද්ගල/මාධ්‍ය නිදහස ඉල්ලූ ජනතාව අතර වෙනස යන්තම් ලක්ෂ 6යි. මම වෙනස් විදිහට ඕනෑම දෙයක් විශ්ලේෂණය කරන කෙනෙක්. මම මේවා කියන්නේ ගෝඨාභය නැතුව වෙන කෙනෙක් දැම්ම නම් තමන්ට තියෙන නිදහස නැතිවෙයි කියල ලක්ෂ 64කට බයක් ඇති වෙන්නේ නැහැ. වහල් ආණ්ඩුවෙන් මට වැඩක් නැහැ. නමුත් වහල් ආණ්ඩුවේ රට පාවාදෙන ක්‍රියා වලට විරුද්ධව අවුරුදු 5ක් තිස්සේ මට හඬක් නඟන්න පුළුවන් වුනේ වහල් පාලනය යටතේ වුනත් මට අදහස් ප්‍රකාශ කරන්න නිද
Reply : 0 0
Champa Tuesday, 19 November 2019 05:19 PM
මම කියන්න ගියේ වහල් ආද්නුවට එරෙහිව මට හඬක් නගන්න පුළුවන් වුනේ මට කතා කරන්න වගේම දරුණු ලෙස විවේචනය කරන්න ඕනේ තරම් නිදහස තිබ්බ නිසා. පත්තරකාරයන්ටත් මගේ controversial අදහස්, විවේචන නොකපා (අද පත්තරකාරය නම් මගේ නරක වචන කපල තිබ්බ) ඒ විදිහටම පල කරන්න බයක් නොතිබ්බ නිසා. මුළු චන්ද ලක්ෂ 134 අතරින්, රටේ ආරක්ෂාව වෙනුවෙන් චන්දය දුන්නු සටන්කාමි සිංහලයන් ලක්ෂ 70 ගැන වගේම, පාට පක්ෂ නොතකා ප්රජාතන්ත්රවාදී නිදහස වෙනුවෙන් චන්දෙ දීපු ලක්ෂ 64ක අදීන එඩිතර ජනතාව ගැනත් මට ආඩම්බරයක් තියෙනව. ගෝඨාභය සහ පොහොට්ටුව MCC SOFA අත්සන් කරන්නේ නැහැ කියල පොරොන්දු වුනේ නැහැ. ඒ වගේම බැසිල් කිව්ව බලය තවත් විමධ්‍යගත කරන්න ඕනේ කියල, ඒ වගේම ඔවුන් ගෘහාශ්‍රිතව මස් කඩ අරින්න සහ මස් පිටරට යවල සල්ලි හොයනවා කියලා තියෙනව. සත්තු මරණ එක මට දරා ගන්න අමාරුයි. මට මේවට විරුද්ධව කතා කරන්න නිදහස තියෙන්න ඕනේ. ඒකියන්නේ ප්රජාතන්ත්රවාදය ඉල්ලපු ලක්ෂ 64ටත් හඬක් අවශ්‍යයි. පොහොට්ටුවේ ලක්ෂ70 විධායකය නියෝජනය කරනකොට, කතා කරන්න නිදහස අවශ්‍යයි කියන ලක්ෂ 64 පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඕනේ. ඒ කියන්නේ ආරක්ෂාව, නිදහස දෙකම දෙන "UNP නොවෙන" අලුත් පාර්ලිමේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd