එජාපයේ ගැටලුව විසඳිය හැකි අයුරු තිස්ස කියයි
එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳා ගැනීමට නම්, ප්‍රථමයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය ජනතා ඉල්ලීමට අනුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.
2014 වසර වනවිට එක්සත් ජාතික පක්ෂයේ බෙදීමක් තිබූ බවත්, එවකට සිටි මහලේකම්වරයා වශයෙන් තමන් රනිල්, සජිත් එකම වේදිකාවකට ගෙනවිත් පක්ෂය සමගි කළ බවත් ඒ මහත පවසා සිටියේය.
ඒ අනුව 2015 වසරේදී ජයග්‍රහණ අත්වූ බවත්, එහෙත් දැනට පවතින අර්බුදය විසඳීමට කිසිවෙකුටත් එවැනි මැදිහත්වීමක් සිදුනොකරන බවත් එ.ජා.ප. හිටපු මහලේකම්වරයා සඳහන් කළේය.
මේ නිසා පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන්ගේ ඉල්ලීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇහුම්කම් දියයුතු බවත්, බිම් මට්ටමේ ඉල්ලීම වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කිරීම බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
පක්ෂයේ බෙදීම පක්ෂයට යහපතක් නොවන බවත්, එබැවින් පක්ෂය සමගි විය යුතු බවත් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Nandana Sunday, 22 September 2019 09:08 PM
නොදන්නා මගුල් කතා නොකර ඉන්නවද ?,
Reply : 0 0
ලියනගේ Sunday, 22 September 2019 10:02 PM
තිස්ස එල්ලීමට අත්තක් සොයනබව පෙනෙන්නට තිබේ.
Reply : 0 0
mack Monday, 23 September 2019 09:47 AM
අනේ ඔය නිකන් ඉන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

