එජාපයෙන් සිංහල බෞද්ධ පදනම ගිලිහෙන බව නායකත්වයට කිව්වා - මනෝ
එක්සත් ජාතික පක්ෂය කෙරෙහි සිංහල බෞද්ධ ජනතාව තබා ඇති විශ්වාසය ගිලිහී යමින් පවතින බව තමන් අවස්ථා ගණනකදීම එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුම් දුන් බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ පක්ෂ නායක රැස්වීම්වලදී තමන් මේ බව සඳහන් කළ බවයි.
එසේම ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ මෙන් සිංහල බෞද්ධ ජනතාවගේ අකාර්ශනය පක්ෂයට නැඹුරු කර ගැනීම වෙනුවෙන් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතුව තිබූ බවත් තමන් සඳහන් කළ බවද ඔහු ප්‍රකාශ කරයි.
බෞද්ධ දර්ශනය යනු සියලු ජනතාවට ආවරණයක් වන ධර්මයක් විනා එය කිසිම ආගමක අනුගාමිකයන්ට බිය උපදවන ආගමක් නොවන බවට තමන් සඳහන් කළ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

popular news
-
හේරත් Friday, 22 November 2019 05:44 PM
මේ අදහස මහ විකාර අදහසක්!!! කිසිම දේශපාලන පක්ෂයකට බෞද්ධ පදනමක් හෝ වෙනත් ආගමික පදනමක් කියා දෙයක් නැත - තිබෙන්නේ රටේ ජන-පදනමය!! සැම දේශපාලන පක්ෂයක්ම කළ යුත්තේ තමන්ට බලය ලැබුන විට, එය අවස්ථාවක් කරගෙන රට-ජාතියට සේවය කිරීමයි. යහපාලනය කියමින් බලය ලබාගත් යුඑන්පිය පසු වසර 5 කලේ "අයහපාලනයයි" - උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලීම් ජනතාව යුඇන්පිය ප්‍රමුක දේශපාලන පක්ෂයට ඡන්දය දුන්නේ යුඅන්පියට තිබෙන හින්දු-ආගමික පදනම නිසා නොව වෙනත් සමාජ-දේශපාලන සහ මානුෂිය ගැටලු නිසායි. මැතිවරණ ප්‍රතිඵලය දෙස බලන විට, ජාතිවාදි අදහස් ඇති කෙනෙකුට එය ජාතිවාදි පදනමක සිට විග්රහ කළ හැක. "යුඇන්පි එකට බෞද්ධ පදනම අහිමි වුවාය" එක්තරා ආකාරයක ජතිවාදි සහ ඔල-මොට්ටල දේශපාලන අදහසකි!!!
Reply : 0 0
Champa Friday, 22 November 2019 07:16 PM
JR ට ධර්මිෂ්ඨ වෙන්න බැරි වුනා සේම රනිල්ට ලිච්චවි වෙන්නත් බැරිවුනා. එවකට පැවති පාලනය ගැන කෝපයෙන් හිටි ජනතාව, 1977 මැතිනිගේ පාලනයට විරුද්ධ විකල්පය විදිහට JR ව තෝරා ගත්ත වගේම, පවතින පාලනය ගැන කෝපයෙන් හිටි ජනතාව, 2019 යහපාලනයට විරුද්ධව තිබ්බ විකල්පයත් තෝරාගත්ත. බඩගින්නේ ඉන්න මිනිස්සුත් බඩ ගැන නොහිත රට ගැන හිතුව. ඒකයි සජිත්ගේ ආකර්ශනීය පොරොන්දු වලට වුනත් ගම්වල බෞද්ධයන්ව නම්ම ගන්න බැරිවුනේ. මිනිස්සුන්ට යහපාලන ආණ්ඩුව එපා වුනේ 2015 ජනවාරි 9 ඉඳන්මයි. JRගේ විවෘත ආර්ථික ප්රතිපත්තියයි, රනිල්ගේ නව ලිබරල් ධනවාදී ප්රතිපත්තියයි දෙකම බුද්ධාගමට විරුද්ධයි. ඒ දෙකෙන්ම වුනේ සිංහල බෞද්ධ සමාජය වේගයෙන් පිරිහීම සහ කඩා වැටීම. බෞද්ධයෝ ආයේ හැරෙන්නේ නැහැ. දැන් හැරෙන්න ඕනේ යූඑන්පී එක. යූඑන්පී එකට ආයේ බෞද්ධ චන්ද ලැබෙයි කියල මම හිතන්නේ නැහැ. මිනිස්සු දැන් ඉස්සරට වඩා හුඟක් දැනුවත්. දේශපාලකයන්ගේ කතාවට රැවටෙන්නේ නැහැ. ක්‍රියාවයි analyse කරන්නේ. ඔච්චර චන්ද ලක්ෂ 55ක් ලැබුනේ මේ පැත්තේ අපේක්ෂකයා ගෝඨාභය වෙච්ච හින්ද. පුද්ගල නිදහස සහ මාධ්‍ය නිදහසට මුල් තැන දුන්නු මිනිස්ස් නැත්නම් ඔය ටිකවත් නැහැ. උතුරු නැගෙනහිර ලැබෙන්නෙත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

