එජපයේ කකුල් දෙක වේවලන අවස්ථාව මහින්ද කියයි
යහපාලන ආණ්ඩුව විසින් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට විරුද්ධව පවරා ඇති නඩුවල මුහුණ දීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (06) පැවසීය.
නඩුවලට බයේ ආණ්ඩුවක් පිහිටවූ බවට දේශපාලන ප්‍රතිවාදීන් අසත්‍ය ප්‍රචාර ගෙනයන බවත්,ඔවුන් මේ වනවිටත් තමන් ඇතුලු පවුලේ සාමාජිකයන්ට නඩු පවරා අවසන් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සභාපතිත්වය දරන පැවිදි හඬ සංවිධානය සකස් කළ මහ මැතිවරණයක් සඳහා බල කර සිටිමේ ජනතා පෙත්සම නාරාහේන්පිට අභයාරාමයේදීබාර ගත් අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා මේ බව කීවේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,
“අද වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට අපේ අයගේ කරුණු විමසිම අවසන් කරනවා.ලබන සතිය වන විට තීන්දුවක් ලැබෙනු ඇති.දැන් රටේ අගමැතිවරයා ඉන්නවා. තනතුරු තිබෙනවා.ඇමතිවරු ඉන්නවා. තනතුර තිබෙනවා.හැබැයි වැඩ කරන්න බැහැ.
අපි සම්පූර්ණයෙන්ම ඒ තීන්දුවට විරුද්ධයි.ඒ තීන්දුව වැරදියි කියන එක අපේ මතය.අපේ මතය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.මේක ලෝකයේ කොහේවත් සිදුනොවුණු දෙයක්.පහළ අධිකරණයකින් මෙවැනි තීන්දුවක් ලබාදුන්නේ ලෝකයෙ පළමු වතාවට.
අපි මැතිවරණයකට සූදානම්.අපි ආවේ මැතිවරණයකට යන්න.අපිට දැන් මැතිවරණයක අවශ්‍යතාවය තිබෙනවා.මේ රට ස්ථාවර කරන්න මැතිවරණයක් අවශ්‍ය බව රටේ බහුතර ජනතාව කියනවා.අපියි හරිනම් ඡන්දෙට බයවෙන්න ඕන.අපි හිටියේ විපක්ෂයේ.එක්සත් ජාතික පක්ෂයට ඡන්දයක් කිව්වාම කකුල් දෙක වෙව්ලනවා.
ඒ අය අපිට අපහාස කරනවා.චෝදනාවක් එල්ල කරන්නෑ. ඒ කට්ටිය කරන්නේ සම්පූර්ණ අපහාසයක්.බොරු කියන්නේ.කතා හද හදා කියනවා.එයාලා දේශපාලනික වශයෙන් පළිගැනීම සඳහා නඩු පවරලා ඉවරයි.අපි නඩුවලට බයේ ආණ්ඩු පිහිටෙව්වා කියනවනේ. ඒක සම්පූර්ණ වැරදියි.නඩු ඔක්කොම දාලා තිබෙන්නේ.අපේ දරුවෝ හිරේ ගිහිල්ලා.අපි ඒකට උසාවියේදී මුහුණ දෙන්න ලෑස්තියි.“යනුවෙන් පවසා සිටියේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු












popular news
-
ත්‍රස්තයා Thursday, 06 December 2018 04:58 PM
මැතිවරණ ඉල්ලන්නේ , බලය තියාගෙන සුපුරුදු වැඩ දාලා දිනන්න . ඉස්සෙල්ල එන්න තියෙන චන්ද තියල ඊට පස්සේ පාර්ලිමේන්තු චන්දය තියමු නේද රට අස්ථාවර නොකර . මේ රටේ නීතිය රකිමු අපි සැමෝම .
Reply : 0 0
rocky Thursday, 06 December 2018 05:32 PM
කකුල් පමණක් නොවෙයි, තවත් ඒවා වෙවුලන්නේ කාගේද කියා අපි දන්නවා. තමන්ව හඳුනා ගන්නේ තමා ආශ්‍රය කරන පුද්ගලයන් අනුවයි. වටේටම පිරිවරාගෙන ඉන්නේ හොර තක්කඩි. අනිත් උන් මුරුරුත්තෙට්ටුව, බෙන්ගාල් කාරයා, වගේ ලෝකේ කාපු ලෝකෝත්තර කහකඩයෝ.
Reply : 0 0
Ajith Thursday, 06 December 2018 06:05 PM
අනිවාර්යෙන්ම අපිට සර්වජන චnද බලයක් අවශ්යි මේ umathokotika prashnaya විසදීම සඳහා බහුතෙර මහජන kamaththata ඉඩ දෙන්ඩ. viyawasthadayaka, විදායක සහ අදිකරණයෙන් අපි පුන punaa ඉල්ලා සිටින්නේ මහජනයාගේ පරමාදිපත්තියට සවන් දීල මැතිවරණයක් ලබදෙන්න kiyala.
Reply : 0 0
සිංහයෝ බලු වෙනවා Saturday, 08 December 2018 12:19 PM
බයිලා වැඩක් නැහැනේ . නාමල් පුතා ඉස්කෝලෙන් අයින් වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා වසර 3-4 ඇතුලත "ගවේර්ස් කොර්පරේසන් " එකේ ආයෝජනය කරන්න 300 මිලියන යෙඋව විදිහ කියුව නම් එක නඩුවක් අහක් වෙනවා . ඕක සිම්පල් වැඩක් නේ . කොන්දේ බැදපු චීන්නුන්ට ඕව කියන්න . ඔයගොල්ලන්ට චන්දයක් ඕනි කියල හිතෙනකොට දෙන්න යි එපා කියනකොට නොදෙන්නැයි මේක තමුන්ගේ බුදලේද. විවස්ත මොකටද. එකට ක්‍රමයක් තියෙනවා නීතියේ. එහෙම එමුකො. පස්ස පැත්තෙන් හොර අගමැති කමකුත් එක්ක ඇමති මණ්ඩලයක් ගෙන පුරුදු විදිහට ජනතා අපේ සල්ලි වලින් චන්දෙ කරන්න ලසස්තිය 2015 කලින් වගේ . අපි නොදන්නා මහින්ද ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

