එක පිස්සෙක් ඇති රටේ සමඟිය නැති කර දමන්න - රවී
ප්‍රසිද්ධම පුද්ගලයා නොව සුදුසුම කෙනා බලලා ජනපති කළ යුතු බවත් තරඟකරන්න නොව ජය ගන්න පුළුවන් අයෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළකළේ, අද (18) පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති තරුණ දේශපාලන ක්‍රියාකාරී හමුවකට සහභාගි වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“2015 අපි බාරගත්තේ දණගහපු, වට්ටපු ආර්ථිකයක්. නමුත් මේ ගතවුණ කාලසීමාව තුළදී වැටුප් වැඩි කළා, මහපොළ වැඩි කළා, ආදායම වැඩි කළා, විෂමතා ඉවත් කළා. ඒ තුළින් ජනතාවට ප්රතිලාභ ලබා දුන්නා. රටක් දුප්පත්කම නැති කරන්න අවශ්‍යනම්, දුප්පත්කමට දෙන ආධාර වැඩි කරලා වැඩක් නැහැ. ඒ සඳහා ජනතාවගේ අධ්‍යාපනය දියුණු කරලා, ඔවුන්ට ස්වශක්තියෙන් නැගීසිටීමේ අවස්ථාව සලසා දිය යුතුයි .
ජනතාවගේ මෙන්ම පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගනිමින්, අද වනවිට වසර 25 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මම රටට ජනතාවට සේවයක් කරලා තිබෙනවා. දේශපාලන ගමන්මග කෝට්ටෙන් ආරම්භ කරලා උතුරු කොළඹින් ජයග්‍රහණය කරලා එක්සත් ජාතික පක්ෂයේ උපනායක වශයෙන් මේ ආකාරයෙන් මම කටයුතු කරන්නේ ජනතා විශ්වාසය නිසයි. වසර 36ක් පුරාවට එක්සත් ජාතික පක්ෂයට සේවයක් කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා.
ජනාධිපතිවරණය ගැන කතා කරද්දි අද අපි නොයෙක් විකට කතා අහනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ ගණනාවකින් නියෝජිතයන් ඉදිරිපත් වෙනවා. ජනතාව මෙහිදි නිවැරැදිව සිතා කටයුතු කළ යුතුයි. ප්‍රසිද්ධම පුද්ගලයා නොවෙයි සුදුසුම කෙනා බලලා අපි පත් කල යුතුයි.
ඒ වගේම තරඟකරන්න නෙමෙයි ජය ගන්න පුළුවන් කෙනා ඉදිරිපත් කළ යුතුයි. ඒඅනුව රටක් ඒකරාශී කරලා, රටේ සෑම ක්ෂේත්රයක් තුළින්ම වඩාත් ඡන්ද ලබාගන්න පුළුවන්, වඩාත්ම ජනතාවට ළංවෙන්න හැකියාවක් ඇති පුද්ගලයෙක් තමයි ජනාධිපති අපේක්ෂකයා කල යුත්තේ. ඒ නිසා මම අරයාගේ පුතා, මම ආර්ථිකය ගොඩනැගුවා, මම යුද්ධය ජයගත්තා කියන අය නෙවෙයි පත්කල යුත්තේ. අපි මේ අවස්ථාවේ සලකා බැලිය යුත්තේ, රටේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ගොඩනැගිය හැකි, රටේ තරුණයා මුල්කොටගත් සමාජයක් බිහිකළ හැකි ඒ වගේම රට ජාත්‍යන්තරයට ගෙනයාහැකි පුද්ගලයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරන්නේ.
අද රටේ දැවෙන ප්‍රශ්න තමයි ජාතික ආරක්ෂාව, රටේ ජාතික ආර්ථිකය සහ තරුණයා මුල්කරගත් ගැටලු. ආරක්ෂාව සම්බන්ධයෙන් අපේ රටට පමණක් නොවෙයි සමස්ත ලෝකයටම මහත් ගැටලු මතුවී තිබෙනවා. ජාතීන් කිහිපයක් ජීවත්වන රටක. සෑම දෙනාටම මේ මගේ රට කියලා, නිදහසේ ජීවත්විය හැකි තත්ත්වයක් ඇතිකළ යුතුයි. යම් යම් පුද්ගලයින් ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කතා කලාට, සුරංගනා කතා කිව්වට, රටේ සාමාන්‍ය ජනතාවගේ හදවතට දැනෙන ආකාරයට කතා කරන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි ප්‍රධාන ගැටලුව. එක පිස්සෙක් ඇති රටේ සමඟිය සහජීවනය නැති කරලා දාන්න. මෑතකදී අපේ රටේ ඇති වුණේ ඒ වගේ තත්ත්වයක් තමයි.
අපේ ආර්ථිකය ගැන බලද්දි, සුද්දන්ගෙන් නිදහස ලබාගත්තට පස්සේ ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගිහින් තිබෙනවාද. නැහැ නේද. අපි බෝඩ් ලෑලි අල්ලගෙන, පාරවල් දිගේ ඇවිදින කොට, අනෙක් රටවල් තමන්ගේ රටේ ජනතාව මුල්කරගෙන, ආර්ථිකය නගාසිටවන්න කටයුතු කරනවා. අපි හැදෙන්නේ නැහැ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙනගන්නේ නැහැ කවදාවත්ම. ඒක තමයි අපි කළ යුත්තේ” යැයි අමාතවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
ගමගේ Monday, 19 August 2019 10:41 PM
මෙයා මෑත වකවානුවක ඇමති කමෙනුත් පැන්නුව පවුල පිටින්ම කරපු හොරකම් නිසා. මෙයාට බලය ලැබුණු හැම වතාවකදීම කලේ පවුල් පන්සල් පිටින් නීතියට පිටින් මුදල් සහ දේපල කන්දරාවන් උපාය ගැනීමයි. සුද්දන්ගේ කාලෙන් පස්සේ ආර්ථිකය දියුණු නොවුයේ මෙයාල වගේ හොරු මුදල් ඇමති කමේ සිටිය නිසයි. දැන් අපිට දේශනා දෙන්න එනවා. පක්ෂයේ කට්ටිය එකතුවෙලා හොඳ ප්‍රතිපත්ති හදල ඒවා කරනව කියල එම ගමනට සහය පක්ෂය තුලින් දෙනවා කියල පොරොන්දු අරන් "ජනතාව අතර ප්‍රසිද්ද පුද්ගලයා" අපේක්ෂක කරන්න. අර මහේන්ද්‍රන් වගේ හොරු සමග ගනුදෙනු නොකරන්න. ජනාදිපතිට ඕනේ විදියට නටන්නට බැරි නීති පාර්ලිමේන්තුවේ පාස් කරගන්න. පෞද්ගලික මත, කෙනෙහිලිකම්, වයිරකම් රටක දියුණුවට වැඩක් නැත.
Reply : 0 166
hemantha Tuesday, 20 August 2019 08:44 AM
එක හොරෙක් ඇති රටක අර්ටිකය විනාස කරන්න.
Reply : 0 118
Deepal Nirosh Tuesday, 20 August 2019 09:06 AM
මෙච්චර පිස්සො රැලක් ඉද්දි ඒක පිස්සෙක් මොකට ද රටේ අසමඟිය ප්‍රවර්ධනයට කර ගහන්නෙ?
Reply : 0 138
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

