ඌව මහ ඇමතිට හා රාජ්‍ය ඇමති ලක්ෂ්මන්ට සමන්තගෙන් අභියෝගයක්
බිබිල සීනි සමාගම සඳහා බහුජාතික සමාගමකට ඉඩම් අක්කර 65000 ක් ලබාදීමේ කුමන්ත්‍රණය ගැන හැකිනම් ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස එහි හවුල්කරුවන්ව සිටින ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායකට සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්නට තමන් අභියෝග කරන බව ඌව පළාත් සභා මන්ත්‍රී හා ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේදී සමන්ත විද්‍යාරත්න මහතාගේ අනුරුවකට ගිණි තබමින් පැවැති මහජන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එහිදී විද්‍යාරත්න මහතා සඳහන් කළේ ලංකාවේ ප්‍රථම වරට බහුජාතික සමාගමක් ඕනෑ කියා රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේදී රාජ්‍ය අනුග්‍රහයෙන් ජනතා උද්ඝෝෂණයක් පැවැති අතර මෙහි පිටුපස සිටියේ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක සහ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් සෙනෙවිරත්න බවයි.
ලංකාවේ දුප්පත්ම ප්‍රදේශයක් බවට හිටපු සහ සිටින සියළු පාලකයින් විසින් පත්කර ඇති රිදීමාලියද්ද කොට්ඨාසයේ දෙහිගම හා අවට ප්‍රදේශවලින් ඉඩම් අක්කර 65000 ක් පමණ බ්‍රිතාන්‍ය බුකර්ටෙක් සමාගමට ලබාදී උක් වගාකොට සීනි කර්මාන්තයක් ආරම්භ කිරීමට සැලසුම් කරන්නේ ලංකාවේ පැවැති සීනි කර්මාන්ත පවා කරගෙන යාමට නොහැකිව වසා දමා ඇති තත්වයක බවත් පෙන්වා දෙයි.
මෙම උද්ඝෝෂණය සඳහා යන අය වෙනුවෙන් බස් යොදවා සමෘද්ධි සහනාධාරය ලබාදෙන බවට, පවතින සමෘද්ධි සහනාධාරය වැඩිකර දෙන බවට, රිදීමාලියද්ද ප්‍රදේශයේ ආරම්භ කෙරෙන නව ව්‍යාපෘතියක රැකියා ලබාදෙන බවට ආදි වශයෙන් විවිධ පොරොන්දු දී ජනතාව රවටා කන්දකැටිය වැනි ප්‍රදේශවලින් ජනතාව රැගෙන ගොස් ඇති බවත් එම ජනතාව සඳහා කෑම බීම ඇතුළු පහසුකම් සපයා ඇත්තේ ඉහත කී දේශපාලඥයින්ගේ අනුග්‍රහයෙන් බවත් සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
හාලිඇල- විජේරත්න රත්නායක

popular news
-
Ruwan Wednesday, 22 August 2018 11:37 AM
ඔබලාගේ පක්ෂය දන්නේ කෙස් පැලෙන තර්ක ගෙන්න විතරයි. මේ මිනිස්සුන්ට ඕනේ එදා වෙලා හම්බ කරගෙන විදේශ හෝ සමාගමක වැඩ කර ජීවිතය ගෙන යන්නයි. තිබුන ගොවිජන මද්යස්ඨාන ගිනි තියලා කෘෂිකර්මාන්තය නැති කරපු ඔබලා එම කර්මාන්තය ගැන කතා කිරීම දෛවයේ සරදමකි.
Reply : 3 128
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

